සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

නිකවැරටිය ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය



කිසා ගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇති චෛත්‍යය
කිසාගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇතැයි කියන නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි.

පැරණි බෝධින් වහන්සේ
නිකවැරටිය නගරයට කිලෝමීටර් 1 1/2 ක පමණ දුරකින් ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය පිහිටා ඇත.
මෙම විහාර ස්ථානයට බුදුමුත්තාව යන නාමය ලැබීමට හේතු පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙක් ආකාරයෙන් මත ප්‍රකාශ කරති.
එයින් එක් කථාවක් නම් සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුමාලය ශ්‍රී‍්‍ර ලංකාවට ගෙනවිත් තැන්පත් කොට තැනු වෙහෙර බුදුමුත්තා වෙහෙර නම් වූ බවයි.
මෙම කතාවෙන් ප්‍රකාශිත වන අදහස් තහවුරු කෙරෙන පුවතක් කඩඉම් පොතේ සඳහන්වන බව වත්මන් විහාරාධිපති හා පරිවෙණාධිපති වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති.
එම කඩඉම පොතෙහි අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිට වූ දාගැබට වැඳ පුදා ‘ ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය’ යනුවෙන් සඳහන් වන පාඨය අනුව මෙම ස්ථානයේ ඇති චෛත්‍ය මුතුහර මාලය තැන්පත් කොට ඉදි කළ බවට ප්‍රසිද්ධ වී ඇති කතාව හා බැදේ. කෙසේ හෝ මෙම විහාරස්ථානයට ඓතිහාසික පසුබිමක් තිබේ.

මහනුවර යුගයේ ඉදිකර ඇති සංඝාවාසය

විහාරාධිපති දොඹගොල්ලේ ධම්මාරාම නා හිමි
පොළොන්නරුවේ රජකළ ජයබාහු රාජ්‍ය කාලයේදී මෙම ස්ථානයේ ඊශ්වර දේවාලයක් තිබූ බවට ඇතැම්හු මත පළ කරන අතර වර්තමානයේ දැකිය හැක්කේ මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයකි. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. අදවනවිට චිත්‍ර කිසිවක් දක්නට නොමැත. එය කාලයේ ඇවෑමෙන් විනාශයට පත් වී තිබේ.
අද මෙම ටැම්පිට විහාර මන්දිරයේ දක්නට ඇත්තේ වියන් සිතුවම් කිහිපයක් පමණි.
මෙම විහාර ස්ථානයේ දක්නට ඇති මහනුවර යුගයේ තිබූ පැරැණි සංඝාවාසය අද පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි.
බුදු මුත්තාව රජමහා විහාර ස්ථානයේ ද්‍රවිඩ සහ පල්ලව අක්ෂරවලින් ලියන ලද සෙල්ලිපි තුනක් දක්නට ඇත. ඉන් දෙකක් පැරැණි ටැම්පිට විහාර මන්දිරයේ ගල්කණු දෙකක සටහන් වී තිබේ.

විහාර ස්ථානයේ දසුනක්

පැරණි ටැම්පිට විහාරය
ක්‍රි.ව. 1763 - 1764 වර්ෂයන්ට අයත් කාලය තුළ ප්‍රදානය කෙරුණු තඹ සන්නසක්ද විහාර ස්ථානය සතුව පවතී. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාර ස්ථානය පරිත්‍යාග කරන ලද පුස්කොළ පොත්විශාල සංඛ්‍යාවක් අද සංඝාවාසයේ අල්මාරි දෙකක සුරක්ෂිතව තැන්පත් කර ඇත. කීර්කි ශ්‍රී රාජසිංහ රජු දවස මෙම විහාරය වල්බිහි වී ජරාවාස වී තිබී රජුගේ අනුග්‍රහය ඇතිව නැවත ප්‍රතිසංස්කරණය කරන ලද බව සන්නසේ සඳහන් වෙයි.

බී.ඒ. එන්. එස්. කුමාර

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.