සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්රීබ රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්යාහ පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරැණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

විද්‍යෝදය පිරිවෙන හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

කොළඹ මාලිගාකන්ද
විද්‍යෝදය පරිවේණාධිපති 
බලන්ගොඩ සෝභිත නා හිමි
සද්පුරුෂ ජනයා පරෝපකාරය පිණිස නිදිවරති. අසද්පුරුෂ ජනයා සැමවිටම නිදිවරන්නේ පර අපකාරය පිණිසය. සකු සාහිත්‍යයේ ප්‍රකට සිලෝවක් වූ මෙයින් ඉස්මතු කරන්නේ සද්පුරුෂ ජනයාගේ හැම මොහොතක්ම අර්ථවත් වූවක් බවයි. ඔවුන්ගේ නිදිවැරීම සමස්ත සමාජයටම අර්ථවත් වූ නිදිවැරීමක් වේ. එවන් සද්ජනයන් ලොව පහළ වන්නේ කලාතුරකිනි. පහළ වුවද ඔවුන් කැලේ පිපුණූ මල් මෙන් කැලයේම පරවී වියැකී යනවා මිස නගරයේ පිපුණු රුව ඇති ගුණ සුවඳ නැති මල් මෙන් බබළන්නේ නැත. මා මේ පුරෝකථන කරනුයේ නගරයේ පිපෙන රුව ඇති ගුණ සුවඳ නැති මල්වලට අභියෝග කරමින් මෙරට සුවිසල් මැදුරක රුවද ගුණ සුවඳ ද නො අඩුව ලබා ඉපිද දසත සුවඳවත් කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකු පිළිබඳවය.ඒ අප කථානායකයාණන් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාණන්ය. සුදු අධිරාජ්‍යවාදීන්ගේ අණසකට නතු වී ජාතිකත්වය මෙන්ම දේශීය සංස්කෘතියද පාවා දුන් දීන ජාතියක් පුබුදුවා ජාතික දේහයට ප්‍රාණ වායුව ලබාදුන් යුග ශ්‍රේෂ්ඨ පුරුෂයාණෝ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණෝය. එතුමාගේ මුළු ජීවිතයම කැපවූයේ පරෝපකාරය පිණිසමය.
මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ ළමා තැනීට දාව 1864 සැප්තැම්බර් මස 17 වැනි දින දොන් ඩේවිඩ් නමින් උපත ලද මේ ශ්‍රේෂ්ඨ යුගපුරුෂයා දෙමටගොඩ බැප්ටිස් විද්‍යාලයෙන් අධ්‍යයන කටයුතු ආරම්භකොට කොටහේනේ බෙනඩික් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්තු විද්‍යාලය හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාල වලින් වැඩිදුර අධ්‍යයන කටයුතු සිදුකළේය. කුඩා ඩේවිඩ් කුමරු මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට සම්බන්ධවන්නේ පෙරකී පාසල්වලින් නොලද හැකි සුවිශේෂී වූ අධ්‍යාපන කාර්යයක් සඳහාය. ඒ සිංහල පාලි භාෂාවන් මෙන්ම බුද්ධ ධර්මය ඉගෙනීමටය. එවකට වැඩ විසූ විද්‍යෝදය පිරිවනෙහි නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ සිරිසුමංගල නාහිමියන් යටතේ උගෙනීම කළ අතර උන්වහන්සේ වැඩ නොසිටි අවස්ථාවල හෙයියන්තුඩුවේ දේවමිත්ත නා හිමියන්ගේ ගුරු හරුකම්වලට අවනත වී ඉගෙනීම කළේය. මේ ධර්මපාල ශ්‍රීමතාණන් විද්‍යෝදය පිරිවෙන හා පැවැති ඇසුරෙහි මූලාරම්භයයි. එය එසේ වුවද ධර්මපාල ශී‍්‍රමතාණන් මෙලොව එළිය දකින්නට පෙරසිටම සිය මවු දෙමව්පියන් දැඩි ආගමික ලැදියාවකින් යුක්තවිය. විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම පූජා කළේද ධර්මපාල ශ්‍රීමතාණන්ගේ මුත්තණුවන් වූ ධර්ම ගුණවර්ධන මුහන්දිරම් තුමා විසිනි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් හා විද්‍යෝදය පිරිවෙන අතර පැවැති සබැඳියාව ශක්තිමත් වන්නේ අංශ කිහිපයක් මුල්කොට ගෙනය. එහි පළමුවැන්න ආගමික මෙහෙවර වන අතර දෙවැන්න සාමාජික මෙහෙවරයි. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් 1889 දී හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා සමඟ ජපානයට ධර්මදූත මෙහෙවර සඳහා යෑමට සූදානම් වන විට ඊට අනුශාසනා කළේද හික්කඩුවේ නා හිමියන් විසිනි. එදින කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ශාලාවේදී හික්කඩුවේ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විණි. එහිදී නා හිමියෝ සුනාපරන්තයට වැඩි පුණ්ණ තෙරුන්ගේ කථාව සිහිපත්කොට හරවත් දෙසුමක් පවත්වා ගමනට ආශිර්වාද කළහ. එසේම ජපන් බෞද්ධ සම්මේලනය ඇමතීම සඳහා අවශ්‍ය කතාව සකස්කර දුන්නේද නා හිමියන් විසිනි. එමෙන්ම 1891 මැයි 31 වැනි දින විද්‍යෝදය පිරිවෙනේදී ‘බුද්ධගයා’ නම් ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එහි මුලසුන දැරුවේද හික්කඩුවේ සිරි සුමංගල නා හිමියන් විසිනි. එහිදී නා හිමියෝ බුද්ධගයාව බේරා ගැනීමේ වැදගත්කම පිළිබඳ හරවත් දේශනයක් කළහ. හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමා ද එහිදී කතාකළහ. පසුව මහාබෝධි සමාගම ආරම්භ වන්නේ මේ බුද්ධගයා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙසය. එහි සභාපති පදවිය හික්කඩුවේ නා හිමියෝද අධ්‍යක්ෂ තනතුර ඕල්කොට්තුමා ද ලේකම් පදවිය ධර්මපාල ශ්‍රීමතාණෝද දැරූහ. එදා විදුදැය පිරිවෙනේදී ආරම්භ කළ මහා බෝධි සංගමයේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධගයාව බේරා ගැනීමට ධර්මපාලතුමා ඉන්දියාවට ගියේය. 1893 දී කල්කටාවේ සිටින විට චිකාගෝ නුවර පවත්වන ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිවීමට ධර්මපාල තුමාට ආරාධනා ලැබුණි. එතුමා වහා ඒ බව දැනුම් දුන්නේ තමන් ගුරුදේවත්වයෙන් සැලකූ හික්කඩුවේ නායක හාමුදුරුවන්ටය. නා හිමියෝ ඊට හොඳම සුදුස්සා ධර්මපාලතුමාම බැවින් ඊට ආශිර්වාද පළ කරමින් සම්මේලනය ඇමතීම සඳහා සන්දේශයක්ද සකසා දුන්හ. මීට අමතරව ධර්මය නොදත් විදේශිකයන්ට ඕල්කොට් තුමා විසින් ඉංගී‍්‍රසි භාෂාවෙන් ප්‍රශ්නෝත්තර ක්‍රමයට ලියූ ග්‍රන්ථයක් සිංහලයට පරිවර්තනය කළේද හික්කඩුවේ නා හිමියන්ගේ උපකාරය ඇතිවය. ධර්මපාලතුමා හැමවිටම හික්කඩුවේ නා හිමියන්ට දැක්වූයේ අසීමිත වූ ගුරු ගෞරවයකි. ඒ බව එතුමාගේම වචන වලින්ම කියු වැකියක් 1927 දී “ආසියාව“ නම් ලේඛනයේ සඳහන් ව තිබු බව ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතාණන් සිය “ධර්මපාල ලිපි” නම් ග්‍රන්ථයේ සටහන් කරන්නේ මෙසේය” භික්ෂූන් වහන්සේලා අතර ඉතාමත් පි‍්‍රය ඉතා උගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල ශ්‍රී පාදස්ථානයේ නා හිමියන් දැක හඳුනාගෙන සිටීම මාගේ වාසනාවක් විය” මෙයින් ඉස්මතුවන්නේ එතුමා හික්කඩුවේ නා හිමියන් කෙරෙහි පැවති ආකල්පයයි.
හික්කඩුවේ නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුවද විද්‍යෝදය පිරිවෙන හා බැඳී තිබූ සබැඳියාව තව තවත් ශක්තිමත් වූවා මිස අඩුවූයේ නැත. 1926 දී එංගලන්තය බලා ධර්මදූත මෙහෙවරට වැඩමකළ නා හිමිවරුන් තුන්පොළම එකළ විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යයන් වහන්සේලා වූහ. ඒ අනුව පරවාහැර වජිරඥාන , හැගොඩ නන්දසාර, දෙහිගස්පේ පඤ්ඤාසාර යන නා හිමිවරු වසර දෙකක් ධර්මදූත සේවාවේ යෙදුණාහ. ධර්මපාල ශ්‍රීමතාණන් විදුදය භූමියට දැක්වූයේ මහා ළෙන්ගතුකමකි. ඒ බව එතුමාගේ අවසාන කාලපරිච්ඡේදයෙන් ප්‍රකටව පෙනේ. 1928 අවසාන භාගයේදී එතුමා තදබල ලෙසම ගිලන්විය. එසේ වූ හෙයින් එතුමා කොල්ලුපිටියේ ඇලෝ ඇවනියුහි පිහිටි හේවාවිතාරණ මන්දිරයෙන් පිටත්වී විද්‍යෝදය පිරිවෙනටත් මහාබෝධි මන්දිරයටත් අතර පිහිටි කුඩා නිවසකට පැමිණේ. මේ බව එතුමාම දිනපොතේ සටහන් කර තිබෙන්නේ මෙසේය. “චෛත්‍යයක් දිහා බලාගෙන අවසන් හුස්ම හෙළන්න පුළුවන් වෙන්න මා මාලිගාකන්ද පිරිවෙන ළඟ කුටියට අරන්පලයල්ලා.” ධර්මපාල අපදානය ලියු කේ.බී. සුගතදාස සූරීන් ප්‍රකාශ කරන්නේ චෛත්‍ය දර්ශනය එතුමන් පි‍්‍රයකළේ මරණ මංචකයේදී දුටුගැමුණූ නරපති අවසන් හුස්ම හෙළන ලද අන්දම මෙනෙහිකිරීම නිසා විය යුතු බවයි. කෙසේ වුවද එතුමා ගිලන්ව කුටියේ සිටිමින් විදුදය පිරිවෙන දෙස නෙත් අයා හැම මොහොතෙහිම සිටි බවට සාක්ෂි බොහෝය. එකල ධර්පාලතුමාගේ ආරාධනාවෙන් සෑම සෙනසුරාදා දිනකම සන්ධ්‍යා යාමයේ අටට පමණ සුමංගල ධර්ම ශාලාවේදී මහ පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූයේ එකල පරිවේනාධිපතිව විසු කහවේ ශ්‍රී රනතනාසර නා හිමිගේ ප්‍රධානත්වයෙනි. එතුමා ගිලන්ව කුටියේ සිට මේ පිරිත් දේශනා ශ්‍රවණය කළ බව සඳහන් වේ. එපමණක් නොව විද්‍යෝදය පිරිවෙනේ පඩි පේළි බැස විහාර මන්දිරයට විදේශිකයකු යන අයුරු කුටියේ සිට බලා සිටිමින් තම සේවකයන් අත ඔවුන්ට බෙදාදීමට ඉංගී‍්‍රසි දහම්පොත් යැවීමද එතුමාගේ සිරිත විය. ගිලන්ව කුටියේ සිටින හැම මොහොතකම එතුමාගේ නෙත් විද්‍යෝදය පිරිවෙනෙන් ඈත් නොවීය. වරක් පිරිවෙනේ පඩිපේළි බැස කුඩය හකුළුාවාගෙන නොගිය තරුණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට දොස් පැවරූ පුවතක්ද වේ. ඒ එතුමා විදුදයට ජය භූමියට සැබවින්ම ආදරය කළ නිසාය.
ඇතැම්විට එතුමා භික්ෂූන් වහන්සේලා ද නිර්දය විවේචනයට ලක් කළ අවස්ථා විය. එහෙත් කිසිදු වෛරී සිතිවිල්ලක් එතුමා තුළ නොවීය. වරද පෙන්වාදී නිවැරැදි කිරීම එතුමාගේ සිරිත විය. වරක් විද්‍යෝදය පිරිවෙනේ ශී‍්‍ර සුමංගල ධර්මශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයේදී යගිරල පඤ්ඤානන්ද නා හිමියන් කාලිදාසයන් කියු ශ්ලෝක කිහිපයක් කියනු අසා සිටි ධර්මපාල ශී‍්‍රමතාණණ් උන්වහන්සේ ඒ මොහොතේදීම තියුණු විවේචනයට ලක්කළේ බුද්ධදේශනා කොපමණ තිබුණද සංස්කෘත බසටම ගැති බව පෙන්වා දෙමිනි. එවැනිම සිදුවීමක් ගුණපාල මලලසේකර මහතාටද විය. එතුමා ලියු “ශ්‍රී ධර්ම ශ්‍රී” නම් කෘතිය විවේචනය කළ ධර්මපාල තුමා එතුමා පාලි පණ්ඩිතයකු වුවද පොතේ නමට සංස්කෘත මිශ්‍ර නොකර සිටීමට නොහැකිවී ඇති බව පෙන්වාදි ඇත. පසුව මලලසේකර මහතාද පෙන්වා දී ඇත්තේ ධර්මපාල නාමයද සංස්කෘත නාමයක් නොවේද යන්නයි. එදා සිට ධර්මපාල යන සංස්කෘත නාමය වෙනුවට “ධම්මපාල” යන පාලි නාමය භාවිතාකොට ඇති බව සඳහන් වේ. මෙයින් පෙනෙන්නෙ එතුමා දැඩි විවේචනයන්ට ලක්කළද යම් වරදක් පෙන්වා දුන් විට නිහතමානීව එය සකසාගෙන ඇති බවයි.
මෙසේ විද්‍යෝදය පිරිවෙන සමඟ අවියෝජනීය සම්බන්ධයක් පැවැත්වු ධම්මපාල ශී‍්‍රමතාණන් තම ගුරු දේවයන්ගේ ශී‍්‍ර නාමය රැගෙන දේවමිත්ත නමින් පැවිදි බව ලබා අපවත්වන තෙක්ම ඉන්දියාවේ විසීය. එතුමාගේ අපවත් වීමෙන් පසුව භෂ්මාවශේෂ රැගෙන ආවේද විද්‍යෝදය පිරිවෙනටමය.ඒ එතුමා ඒ ජයභූමියේ පහස එතරම්ම පි‍්‍රයකළ නිසාවෙනි.
එතුමාගේ භෂ්මාවශේෂ තලෙයිමන්නාරමෙන් පොල්ගහවෙලටද එතැන් සිට විශේෂ දුම්රියකින් කොටුව දක්වා රැගෙන එන ලදී. කොටුව සිට විද්‍යෝදය පිරිවෙනට අලංකාර පෙරහරකින් ගමන්කළ භෂ්මාවශේෂ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍රවිය. එදා විද්‍යෝදය පිරිවෙනේදි ආගමික වතාවත් සිදු කළේ විද්‍යෝදය පරිවේණාධිපතිව විසු කහවේ ශ්‍රී රතනසාර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදි පැළෑනේ ශ්‍රී වජිරඤාණ, යගිරල, පඤ්ඤානන්ද නා හිමිවරුන් පැවිදි අනුශාසනා සිදුකළ අතර ශ්‍රීමත් ඩී.බී.ජයතිලක,ඩබ්ලිව්. ආතර්ද සිල්වා, සී.ඩබ්ලිව්. කන්නංගර, බ්‍රහ්මචාරී දේවප්‍රිය වලිසිංහ යන ගිහිපින්වතුන්ද කතා කළහ. යගිරල පඤ්ඤානන්ද නා හිමියන් සිය අනුශාසනාවේදී කියා සිටියේ සොළොස්වන ශත වර්ෂයේ දොන් ජුවන් ධර්මපාල බුදුසසුනත් ජාතියත් වැනසු අතර එකුන් විසි වන ශතවර්ෂයේ ධර්මපාලතුමා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් බැබළ වූ බවත්ය.
මේ අයුරින් බහ තේරෙන වියේදීම විද්‍යෝදය පිරිවෙනේ පහස ලබමින් අපමණ ජාතික, ආගමික, සංස්කෘතික යුග මෙහෙවරකට දායක වෙමින් දස දහස් ගණනක ගිහි පැවිදි උතුමන්ගේ නොමඳ ගෞරවාදරයට ලක්වෙමින් විදුදය ජය භූමියේම වැළලෙන්නට තරම් ශි‍්‍රමත් අනගාරික ධර්මපාල ශී‍්‍රමතාණන්ගේ ජීවිතය විද්‍යෝදය පිරිවෙන හා ආත්මීය බැඳීමක් විය. ඒ ආත්මීය බැඳීමෙන් ලොවට නිහඬව දෙන පණිවුඩය වන්නේ විද්‍යෝදය පිරිවෙන යනු ධර්මපාල චින්තනයම බවයි. ධර්මපාල චින්තනය යනු විද්‍යෝදය පිරිවෙනම බවයි.

ගල්ලෙන රජ මහා විහාරස්ථානය

පස්යොදුන් කෝරළයේ – කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ බල ප්‍රදේශයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ ග්‍රාමයේ පිහිටි ගල්ලෙන රජමහා විහාරස්ථානය සිසිලස දනවන සොඳුරු ඉසව්වක පිහිටි රමණීය වූ ද අපූර්වත්වයෙන් යුතු වූද රජ මහා විහාරස්ථානයකි.

හොරණ නෑබඩ හරහා මතුගම (මාර්ග අංක 498) බස් මාර්ගයේ වරකාගොඩට පැමිණ මෙම විහාරස්ථානයට ළඟා විය හැකි අතර විහාරස්ථානයට හොරණ සිට කි.මී. 17 ක් පමණ ඇත. මෙහි ඉතිහාසය පිරික්සීමේදී දුරාතීතය දක්වා දිවෙන ගමන් මගේ රජකමට සුදුසු වූ රාජ කුමාරවරුන්ගේ අනුග්‍රහයෙන් මෙම විහාරස්ථානය ඉදිවූ බව කියැවෙයි.
ලාංකේය වංශකතාවේ රජවරුන් සම්බන්ධ වූ පුරාවෘත්තයන් රැසක් හා රාජකීයයන්ගේ ඉතා සමීප සම්බන්ධතාවයක් පුරාණ පස්යොදුන් රට වටා ගොඩ නැගෙයි.
පස්යොදුන් රට වශයෙන් එදා හැඳින්වූ ප්‍රදේශය මතුගම, අගලවත්ත, බුලත්සිංහල වැනි ග්‍රාමයන් ඇතුළත් වනසේ උතුරින් කළු ගඟටත් දකුණින් බෙන්තර ගඟටත් මැදිව පිහිටි නිල් දිය ගලනා සොඳුරු ගං දියෙන් පෝෂණය ලද දාහයට ඉඩ නොලද සිසිලසින් සුවදායක වූ නිදහස, ගැලවීම සොයා පැමිණෙන්නන්ට අභය භූමියක් වන් වූ රමණීය ඉසව්වකි. සොලී ආක්‍රමණයන් නිසා අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන විට සිංහලයන් ක්‍රමයෙන් තෙත් කලාපීය නිරිත දිගට සංක්‍රමණයවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
එදා අනුරාධපුර ආශි‍්‍රත ප්‍රදේශ ජනාකීර්ණ නගර බවට පත් වූ විට පස්යොදුන් බිම් ගන කැලෑවෙන් හා වගුරු බිම් වලින් ගහණව පැවතුණි.
පොළොන්නරුව යුගයේ ඓතිහාසික ලේඛනයන්හි සටහන්ව ඇත්තේ “පංචයෝජන රට්ඨ” හා ‘පංචයෝජන වග්ග’ වශයෙනි.

පෙරදා සිහසුන වෙනුවෙන් බල අරගලයෙහි යෙදුන රාජකීයයන් පැරදී ආරක්‍ෂාව පතා පලා ආ එක් ප්‍රදේශයක් මෙය බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ලාංකේය බිම වර්ණවත් කළ අභිමානවත් රජවරයකු වූ මහා විජයබා රජුගේ විමුක්ති අරගලයට ද මෙම පස්යොදුන් රට සම්බන්ධ වීම ඓතිහාසික සන්සිද්ධියකි. එතුමාගේ සේනා බල මුළු තරකර ගැනීම උදෙසා පස්යොදුන් රට රණවිරු තරුණයන් සම්බන්ධ වූ බව කියැවෙයි.
මහා විජයබාහු රජතුමාගෙන් පසුව ඔහුගේ බෑණනුවන් වන මානාභරණ, කිත්සිරිමේඝ සහ ශ්‍රී‍්‍රවල්ලභ යන කුමාරවරුන් තිදෙනා පොළොන්නරුවේ වික්‍රමබාහු රජු හා සටන්වැදී පරාජයට පත්වී පස්යොදුන් රට බලකොටුව වෙත පසුබැස ආරක්‍ෂා වූ බව සඳහන් වෙයි. සැඟව ආරක්‍ෂා වන අතර නොසන්සුන් සිතට සැනසුම වෙනුවෙන් ඒ අවට විහාරස්ථාන ගොඩ නැගීම රජදරුවන් බහුතරයකගේ සිරිත විය. ඒ අනුව මෙම ගල්ලෙන රජ මහා විහාරය ඉදිවූ බව කියැවෙයි.
බලකොටුව, ඉදිවූ ග්‍රාමය වරකාගොඩ විය හැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. වරකාගොඩ ආසන්නයේ, ගනේගොඩ පැරැණි විහාර මන්දිරයක නටබුන් දක්නට ලැබෙන අතර එය පුරා විද්‍යා ස්මාරකයකි. එමෙන්ම ගල්ලෙන රජ මහා විහාරයේ ඇති කටාරම් කොටන ලද ගල්ලෙනක් තුළ වන අසිරිමත් විහාර මන්දිරයට ස්වභාව ධර්මයේ අදෘෂ්‍යමාන ගෘහ නිර්මාණ ශිල්පියාගේ අපූර්වතම නිර්මාණයකි. මෙහි කටාරම් ලකුණු මතින් හැඟී යන්නේ පුරාණ කාලයේ මෙතැන භික්‍ෂූන් වහන්සේලාගේ ආවාස ගෘහයක්ව පැවැති බව අනුමාන කළ හැකි බව ය. ඉහලන ලද කුඩයක් යටිකුරු කර තැබුවා සේ වූ ඉතා දුර්ලභ පිහිටීමක් මත මුදුනින් ප්‍රමාණයෙන් මහත්ව කෙමෙන් සිහින් වන ස්වරූපයකට හැඩ ගැසුණු ගල්ලෙන කොටස් කීපයකට හෑරී ගොස් තිබේ. එහි පැරැණි බුදු මැදුර නව බුද්ධ මන්දිරය මෙන්ම පස්ගම් දේවාලය ආදී වශයෙන් කොටස් කීපයකට බෙදී තිබේ. පැරැණි විහාර මන්දිරයෙහි සැතපෙන පිළිමයක්, සමාධි පිළිමයක් සහ හිටි පිළිමයක් දක්නට ලැබෙයි. සැතපෙන පිළිමය දෙපා අසල බිත්තියේ බුදුන් වහන්සේ හා වාද කර පරාජය වූ රාහු අසුරයාගේ සිතුවමකි. මුදුනෙහි අසූ මහා ශ්‍රාවකයන්ගේ සිතුවම් පෙළක් සහ ඉදිරිපස බිත්තියේ විෂ්ණු, සමන්, විශ්ව කර්ම දෙවිවරුන්ගේ සිතුවම් දක්නට ලැබේ. මේවා පැරැණි ලක්‍ෂණ මතු කරවයි.
නව විහාරය ඉතා දිගට විහිදී වම් පසට ද හැරී ගිය දුර්ලභ පිහිටීමක් සහිත ලෙනකි. සූවිසි විවරණය, බුදු සිරිතෙහි ප්‍රතිමා පෙළ අසිරිමත් පෙරහරක් පරිද්දෙන් සිත් අමන්දානන්දයට පත් කරවන ලෙස නිර්මාණය කර ඇත. මෙම ලෙන් විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් කර තිබෙයි. 1946 දී පමණ වැඩ නිමවා ඇති නව විහාරයේ නිර්මාණ ශිල්පියා කීර්තිමත් මූර්ති සිතුවම් ශිල්පියකු වූ එම්. සාර්ලිස් මාස්ටර් ය. මෙම විහාර මන්දිරය බොදු කලාගාරයක් බඳුය. විහාරය පසෙකින් චෛත්‍යය ද බෝ වෘක්ෂය ද නිමවා තිබෙයි.
වටව ඇති නිල්ලෙන් පිරි වන වියන මැද ස්වභාවික පරිසරය විචිත්‍රවත් කරනා මෙම ලෙන් විහාරයේ පිහිටීම ආන්දය – චමත්කාරය අපූර්වත්වය දිගේ අපව රැගෙන යන්නේ නිදහස ද සුරැකුණු ඉසව්වක් වෙතට ය.
එක් ඉමකින් උස් තලයක් වෙත දිවෙන වන ගහණය පාමුල පිහිටි දිය පොකුණ වෙහෙර බිම සොඳුරු බව වන අරණක සංහිඳියාව ද රමණීයත්වය ද ඇද බැඳ තබා ගැනීමට සමත්වෙයි. යාන වාහන දිවෙන තාර පාරෙන් මිදී විනාඩියකදී දෙකකදී පියකරු වනයක තනිවෙන්නට ලැබෙන අපූරු අද්දැකීමක් වින්දනයට අවැසි මේ සොඳුරු පරිසරයේ චමත්කාරය හරිත වියන් පත් යටින් සිහින් මන්ද මාරුතයේ සිසිලස දිගේ අපව රැගෙන යන්නේ සොඳුරු ඉසව්වක් වෙතය.
කට්ටි කැඩී විකිණී යන්නට ගිය ඉඩමක ආර්ථික බෝගයක්ව පැවැති රබර් ගස් පෙළ ගැලවී ගිය ද සොබා සොඳුරු බව වඩවන මිනිස් සිතට, කයට සුවයක්, සැනසීමක්, සුවපත්වීමක්ම රැගෙන එන තිප්පිලි, බාඳුරා, ප්‍රාණජීව, කඩුපහර, සුළු නයි, කිරි අඟුන, තෙල්අගුන, උල්වරුණිය, විෂ්ණු ක්‍රාන්තිය මෙන්ම හිමාලයේ නොඉඳුල් වනයේ වැවෙන රුක්අගුන ඇතුළු ඖෂධ වර්ග 450 ක් පමණ මේ බිමේ වගා කර තිබේ.
එසේම පරිසරයේ සාමාජිකත්වය දරමින් මිනිසාගෙන් ප්‍රති උපකාර නොලබාම ඔහුට ජීවිතය ලබාදෙන හොර, දියනා, බටු නා, කර, මී, ගම්මාලු, මා වේවැල්, බටදොඹ, කහට වැනි තුරු ලතාවන් අතර සැරිසරන සිතක මායිම් බිඳ දමන නිදහස අතර මේ අභය භූමියෙහි සතා සිවුපාවුන් මෙන්ම නයි, පොළඟුන් – පිඹුරන් මෙන්ම නොයෙකුත් සර්පයන්ටද මරණ භය නිවාරණය කළ බිමකි. අවට ගම් දනව් වලින් රැගෙන එන විවිධ සර්පයන් මේ බිමේදී මුදා හැරෙන්නේ වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත පෝරුවේදණ්ඩේ සුමන හිමියන් එයට කිසිදු විරුද්ධත්වයක් නොදක්වන නිසාය. උන්වහන්සේ ස්වභාවධර්මය සමඟ පෑහී ජීවත්වීමට කැමති පරිසර හිතකාමී භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ සතා සිවුපාවන්ට මෙන්ම ගහට කොළට දක්වන්නේ මහත් වූ සෙනෙහසකි.
රෝගාතුර වන කුරුල්ලන් - සතුන් රැගෙන විත් සුවපත් කර වනයට මුදා හැරෙන්නේ මේ මහත් වූ කරුණාව නිසාමය.
මෙහි අක්කර 5 ක් පමණ ඖෂධ සඳහා වෙන්කර තිබෙයි. දේශීය දුර්ලභ ශාක වර්ග සංරක්‍ෂණයට භූමිය නිදහස් කර තිබේ. මුළු බිම අක්කර 55 ක් පමණ වන අතර මෙම භූමියේ විහාරස්ථානයේ සංහිඳියාව මැදිකර ගනිමින් සමස්ත බිමම ස්වභාවික රක්‍ෂිත වනයටම පරිත්‍යාග කර තිබේ. මහඟු මෙහෙයකට උපහාර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (උව්ච්ර්‍ථ) අනුග්‍රහයද මෙම ව්‍යාපෘතියට ලැබී ඇත.
දිය සිඳුණු මුඩු බිමක මූසලකම මැකෙන විට ගහකොළ මල් ඵල දරා සිරියාවෙන් හිනැහෙන විට ගහෙන් ගහට පියඹා යන කුරුල්ලන් මලින් මලට පාවී යන සමනලුන් නිල් ජලයේ පීනා සැනසෙන නොයෙකුත් මත්ස්‍යයන් කඳු මුදුනේ තෝතැන්නේ දුව පැන ඇවිදින හාවුන් කොළ දිවියන්, ඉත්තෑවන්, මීමින්නන් ආදී සත්තු මේ අභය භූමියේ සිත්සේ සැරසරති.
මේ අසිරිමත් ගල්ලෙන් රජ මහා විහාර භූමිය සතා සිවුපාවුන්ට ජීවිතයට දානය දෙන අභය භූමියකි. මිනිසාගේ අධ්‍යාත්මයට සැනසීම සුවය රැගෙන එන පින්බිමකි.

දෙවිනුවර රජමහා විහාරය

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා මාතර සිට කි.මී. 06ක් දුරින් ‍දෙවිනුවර රජමහා විහාරය පිහිටා ඇත. පැරණි රෝහණයේ රාජ්‍ය විචාල I වන දප්පුල රජතුමා විසින් කර වූ බවට ද 8 වන සියව‍‍සේ දී කරවූ බවට ද සාධක ඇති කිහරැලි පිරි‍වෙණ ‍මෙම විහාරය බව පිළිගැ‍නේ. ‍දෙවිනුවරින් හමු වූ ශිලා ‍‍ලේඛනයකට අනුව, I වන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 – 1110) ‍‍මෙම ස්ථාන‍‍‍යේ වූ පැරණි විහාරයක් සංරක්ෂණය කළ බවට සාධක ඇති අතර එය ‍මෙකී විහාරය විය යුතු ය. නිශ්ශංක මල්ල රජු (ක්‍රි.ව. 1187 – 1196) ඔහුගේ ශිලා ‍ලේඛනයක සඳහන් කර ඇත්තේ ‍දෙවිනුවර විහාරයට ගොස් පුද පූජා කළ බවයි. වංශකථාගත සාධක මත දඹ‍දෙණියේ රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් වූ වීරබාහු විසින් ‍මෙම ස්ථාන‍යේ නන්දන පිරි‍‍වෙණ පිහිටුවා ඇත. 13 -14 සියවස්වලදී වරින්වර ප්‍රතිසංස්කරණයන්ට ලක් වූ විහාරය පසුව පෘතුගීසි ආක්‍රමණ හමු‍වේ විනාශයට පත් වී ඇත.
 
දෙස් විදෙස්හි සුපතල දෙවිනුවර ඓතිහාසික පරම විචිත්‍රාරාම රජ මහා විහාරස්ථානයේ වගතුග සොයා බැලීමේදී අනාවරණය වන්නේ එම විහාරස්ථානයට දිගු ඉතිහාසයක් ඇති බවය. දාපුලුසෙන් රජු මෙම විහාරය ඉදිකිරීමට මූලික වූ බව සිංහල වංශ කතාවේ දැක්වේ. 6 වැනි අග්බෝ රජුට හා මානවම්ම රජුට විහාරස්ථානය වරින් වර පිළිසකර කිරීමේ ගෞරවය හිමිවෙනු ඇත.

දර්ශනීය ධර්ම මන්දිරය
පැරැණි රජ දරුවන් කල දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරස්ථානය නම් කර ඇත්තේ ගිරිහෙල් විහාරස්ථානය වශයෙනි. දෙවිනුවර පැරැණිම නාමය ගිරිහෙල්පුර වූ නිසා ගිරිහෙල් විහාරස්ථානය වශයෙන් නම් කෙරුණු බවටද තොරතුරු අනාවරණය වේ. බෞද්ධ විහාරස්ථානයකට අයත් සියලුම අංගවලින් සමන්විත මෙම විහාරය මෑත කාලයේදී ශීඝ්‍රයෙන් සංවර්ධනයට යොමු වී ඇති බව පැහැදිලි වේ. මෙම විහාරස්ථානය කලකදී කිහිරැළි වෙහෙර නමින්ද හඳුන්වා ඇතැයි ශාසන ඉතිහාසයේ දැක්වේ. කිහිරි කඳකින් නෙළන ලද දේව ප්‍රතිමාවක් තැන්පත්කොට ඉදිකරන ලද දේවාලයක් හා විහාරස්ථානයක් එකම භූ®මියේ දර්ශනීය ලෙස පිහිටීම නිසා කිහිරැළි වෙහෙර නමින් ව්‍යවහාර වූ බව පිළිගත හැකිය.දෙවිනුවර පුදබිම් මධ්‍යයේ පිහිටි බුබ්බුලාකාර චෛත්‍ය නිසා පුදබිමේ අලංකාරය දෙගුණ තෙගුණ වී ඇත.ක්‍රි.ව. 660- 665 අතර වකවානුවේදී චෛත්‍ය ගොඩනැඟුණු බව එහි ඇති සෙල් ලිපියකින් දැක්වේ. දකුණූ පළාතේ බුබ්බුලාකාර හැඩයෙන් ඉදි වූ ප්‍රධානතම චෛත්‍යයකි. සර්වඥ ධාතුන් වහන්සේද සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේද මෙම චෛත්‍යයේ නිදන් කර ඇත.
ක්‍රි.ව.1066 දී මහ විජයබා රජු චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර දර්ශනීය වටදාගෙය නිර්මාණය කළ බව මහාවංශයේ දැක්වේ. රෝහණ දේශයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ගැන සඳහන් වන්නේ නම් ඒ දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරයේ චෛත්‍ය සම්බන්ධයෙනි. එම වටදාගෙයි නෂ්ඨාවශේෂ වූ ගල්කණුවල කොටස් අද ද චෛත්‍ය වටා දිස්වේ. මෙම චෛත්‍ය ඉදිරිපස දර්ශනීය බුදුමැදුරක් හා දෙපස කුඩා දේවාල දෙකක්ද ඇත.චෛත්‍ය මළුවේ ගනේෂ දේවාලයද ශෛලමය වෘෂභ රූප දෙකක්ද නිර්මාණය කර ඇත.
විහාරස්ථානයේ ප්‍රධානතම නිර්මාණශීලි විහාරාංගයක් වන ඔත් පිළිමගෙය ක්‍රි.ව. 1306 දී 4 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද බවට ශාසන ඉතිහාසයේ දැක්වේ. පසුකලෙක මෙම ඔත් පිළිමගෙය පෘතුගීසින් විනාශකර දමා ඇත. ඉන්පසු නැවත ප්‍රතිසංස්කරණය කෙරුණ අතර එම පිළිමගෙයි වන දර්ශනීය සැතපෙන බුදුපිළිමයද බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා දැක්වෙන නිර්මාණද මනස්කාන්තය. බිතුසිතුවම් ඇතුළු එම නිර්මාණ ඉරිතැලීම් වලට ක්‍රමයෙන් ලක්වී ඇති බවද පෙනේ.

විහාරාධිපති දෙවිනුවර සිරි සුනන්ද අනු නා හිමි
ඔත් පිළිමගෙයි ඉදිරිපස හිටි පිළිමගෙය ද පිහිටා ඇත. මෙය ක්‍රි.ව. 1347 දී ගම්පොළ රජකළ බුවනෙකබා රජුගේ රාජ සභාවේ සිටි සේනාධිලංකාර ඇමැති විසින් කරවන ලද බවටද විහාර වංශයේ දැක්වේ.
දෙවිනුවර රජමහා විහාරස්ථානයේ සංඝවාසය දැන් අනුක්‍රමයෙන් දිරාපත්වීමේ අවදානමට ලක්වන බවද පෙනේ. ඉපැරැණි ධර්ම ශාලාවද නවීකරණයට ලක්කර ඇති අතර සංඝාවාසය දැනට ඇති ස්ථානයේම නවීන පහසුකම්වලින් සමන්විතව ඉදි කිරීමටද කටයුතු කරගෙන යන බව වාර්තා වේ.කාලාන්තරයක් තිස්සේ විහාරස්ථානයට මහත් අඩුපාඩුවක් ව පැවැති ඝණ්ඨාර කුලුන හා වාහල්කඩ පරිත්‍යාගශීලින්ගේ ආධාරමත දර්ශනීය ලෙස ඉදිකර ඇත.
දෙවිනුවර පරමවිචිත්‍රාරාම රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වය වඩාත් වැඩි වූයේ එහි උපුල්වන් ශ්‍රී විෂ්ණූ මහාදේවාලය පිහිටීම නිසාය. දාපුලුසෙන් රජු (ක්‍රි.ව. 660 – 665) විසින් මහා සාගරයෙන් පාවී ආ කිහිරි කඳකින් නිර්මාණය කළ දේවරූපය තැන්පත් කොට දෙවිනුවර දේව මන්දිරය ඉදි කෙරිණි. මහා දේවාලය ආශි‍්‍රතව පරිවාර දේවාල 7 ක් හා බස්නායක නිලමේ නිල කාර්යාලයද ඉදි කර ඇත. විහාර දේවාල ගම් ආඥාපනත යටතේ රජයේ අනුග්‍රහය ලබන මෙම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර උත්සව සමයේදි දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් පුද බිම පිරී ඉතිරී යයි. දෙවිනුවර පුද බිමට දිනපතා බෝධී පූජාපින්කම් සඳහා එක් වන බැතිමතුන්ගේ අනුග්‍රහයෙන් බෝධින් වහන්සේ වටා බුදු කුටි 28 ක් තනවා ඇත. අටවිසි බුද්ධ පූජා පින්කම් දිනපතා පැවැත්වීම දැන් සිරිතක් වී ඇත.පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කර විහාරස්ථානය ඉදිරිපිට දර්ශනීය බුද්ධ ප්‍රතිමාව ඉදි කර ඇත. අඩි 63 ක් පමණ උස මෙම බුදුපිළිමය දුටුවන්ගේ සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පුබුදු වේ.

ශ්‍රී උපුල්වන් මහාදේවාලය
මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් ප්‍රධාන රජයද දෙවිනුවර පුද බිමේ සංවර්ධනයට දක්වන අන්‍රග්‍රහය පැසසුමට ලක් කළ යුතු බව වර්තමාන විහාරාධිපති ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද නාහිමියෝ සඳහන් කරති.එමෙන්ම දෙවිනුවර පූජා භූ®මියේ සංවර්ධනයට දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සේවයද අති ඉමහත්ය.
විහාරස්ථානය හා දේවාලයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ රුපියල් ලක්ෂ 200 ක් පමණ වැය කර දර්ශනීය වාහල්කඩ ඉදි කිරීමට මූලික වූයේද බස්නායක නිලමේවරයා බව කිව යුතුව ඇත.එම දර්ශනීය වාහල්කඩ නිරාවරණය කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් විසින්ය. ඉපැරැණි විශ්‍රාම ශාලාව නවීකරණය කර බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් නංවාලීමට බස්නායක නිලමේවරයා ගන්නා උත්සාහය අගය කළ යුතුය. පුද බිමේ පෞරාණිකත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන් විවිධ නිර්මාණයන් කිරීමටද සැලසුම් කර ඇත.
විහාරස්ථානයේ සුවිශේෂි විහාර කර්මාන්තයක් වශයෙන් දෙමහල් ධම්මපද විහාරය ඉදිකිරීමට පියවර ගෙන ඇත්තේ විහාරාධිපති සිරි සුනන්ද අනුනායක හිමියන්ගේ අනුශාසනා පරිදිය. ධම්මපද ගාථා 423 ක් වෙනුවෙන් විශේෂ සිතුවම් ද දර්ශනීය ධාතු කරඬුවක්ද නිර්මාණය කර බැතිමතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වර්ධනය කිරීම ධම්මපද විහාරය ඉදි කිරීමේ අරමුණයි.
සටහන හා ඡායාරූප
මාතර විශේෂ: ජයා වික්‍රම සුරේන්ද්‍ර
බුදුසරණ

වාරණ



කොළඹ - නුවර ගමන් මගෙහි තිහාරිය මං සන්ධියෙහි ඕගොඩ‍පොළ - නිට්ටඹුව බස් රථය මොහොතක් නතර කර තිබිණි. කොළඹ සිට පැමිණි අපට ඕගොඩපොළට ධාවනය වන බස්රථය ඈත තියාම යාන්තමට දිස්විණි. අප පය ඉක්මන් කළේ එම බස්රථය අපට මග හැරේවි යැයි සිතුණු නිසාවෙනි. අපගේ ගමනේ අරමුණ වාරණ පන්සලට යෑමයි.
රටේ කා අතරත් “වාරණ බෞද්ධ සිද්ධස්ථානය” පූජනීයත්වයෙහිලා සැලකෙන බව අපි දැන සිටියෙමු. සැතපුම් කිහිපයක් නගරයෙන් එපිට පිහිටි මේ විහාරස්ථානය ඓතිහාසික වශයෙන් මෙන්ම සෞන්දර්යෙන්ද අනූන බව නියමිත බස්නැවතුමෙන් බට අපට හැගී ගියේය. මෙතැන් සිට “සන්නස” අපි සටහන් කරන්නේ ඒ සුන්දර වාරණ පිළිබද තතුයි.
අද ප්‍රදේශයක් හැදින්වෙන තරමට වාරණ ප්‍රසිද්ධ නමුත් ඒ නමින් ගමක් ප්‍රදේශයක් නැත්තේය. පිහිටි ග්‍රාමයේ නම මංගලතිරියයි. මුල්කාලයේ “මංගල විහාරය” ලෙස හැදින් වූ මේ පන්සල පසු කාලීනව වාරණලෙන ලෙස හැදින්විය. ඊට මුල් වූ ප්‍රවාදයන් කිහිපයක්ම ඇත. වාරණ පන්සල පිහිටි ප්‍රදේශය මංගලතිරිය ලෙස නම් වන්නට ඇත්තේ මෙහි මංගල තූර්යවාදනය පිණිස පැමිණියවුන් පිරිසක් මේ ප්‍රදේශයේම පදිංචි වූ නිසා යැයි සැලකේ.
වාරණ යනු හස්ති වාචක නාමයකි. බැලූ බලූ දිසාවෙන් පිහිටි ගල්කුලු නිසා මේ නම පට බැදෙන්නට ඇතැයි ගැමියෝ විශ්වාස කරති. එසේම අනෙක් ප්‍රවාද වන්නේ “වා” නැමැති ගස් බහුල වශයෙන් වූ අරණක් නිසා වා අරණ, වාරණ වූ බවයි.
තවත් ත්‍රාසය දනවන ජනප්‍රවාදයක් ඇති බව ප්‍රදේශවාසී “ඌෂාන්ත රේරෝෂණ” අපත් සමග පැවසීය. ඒ කතාව මෙසේය.
වාරණ පන්සලේ නායක ධූරය හෙබවූ දංගල්ලේ අත්තදස්සී නායක ස්වාමීන්ද්‍රයන් මෙහි වැඩසිටින යුගයේ ඉතා උසකින් හා පළලකින් යුත් ඉඩම්ගල ලෙස හැදින්වෙන ගලට විශාල පක්ෂියෙක් නිරන්තරයෙන් පැමිණීමට පුදුරුවී සිටියලු. ප්‍රවාද අනුව නම් මේ පක්ෂියා මේ රට පක්ෂියෙක් නොව ඉන්දියාවේ හිමාලයේ සිට එන්නෙකි. ඇත් කද ලිහිණි වර්ගයට අයත් වූ පක්ෂියෙක් නිසා වාරණ නමින් හදුන්වා ඇත. ඇත් කද ලිහිණි සාමාන්‍ය මසෙකු ඩැහැගත් දවසක “රිටි” නම් ප්‍රසිද්ධ ගසක සිටි සිය ඩැහැගත් ආහාරය ගනී. ප්‍රමාණයෙන් විශාල මසෙකු නම් මානිංගමගලට හෝ ඉඩම්ගලට ගොස් හිස පමණක් ආහාරයට ගනී. මේ තතු දැන ගත් සීතාවක රාජසිංහ රජු හිස පමණක් කා ඉවත දමන අනෙක් කොටස් එකතු කරවා ගැනීමට “මානියංගම” පවුල් කිහිපයක් යෙදවූවේය. “ගලබලනගේ” නමින් පෙළපත් නාමයක් හිමි පරම්පරාවට හිමිකම් කියන මිනිස්සු අදද මේ ප්‍රදේශයේ වාසය කරති.
මේ සා විශාල පක්ෂියා නිසා ප්‍රදේශ වාසීන්ට අතුරු ප්‍රශ්ණ ඇතිවන්නට විය. දරුණු හඩක් හිමි ඇත්කද ලිහිණියා රාත්‍රියේ නිරන්තරයෙන් කෑගසයි. ඒ හඩ මිනිසුන් බිය වද්දන සුළුය. තැන තැන දැමූ මත්ස්‍ය ආහාර කොටස් නිසා අවට දුර්ගන්ධ විය. වැනි වූ පීඩා නිසා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පක්ෂියා පැමිණෙන අවස්ථාවක වස් කවියක් තනවා කියන්නට වූහ.

රන්වන් තුඩින් ඉගි බිගි කරන ගෙල තුල
මන්සන් තොසින් කියනා දෙය අසව බොල
වංහුං දනිති ගෙදරක නම් මෙතට බොල
දැන් පිං පිණිස වෙන තැනකට යන්න පල
(වාරණ වරුණ පිටු 02)

වාරණ පුරාණ විහාරය ඉතා දිගු ඉතිහාසයකට වගකියන බව නැගෙනහිරින් වූ දිග් ගලෙහි වන සෙල්ලිපිය සාක්ෂි ලබාදෙයි. මේ සෙල් ලිපිය ක්‍රි. පූ. 6 වැනි සියවසට අයත්ය. සෙල් ලිපියේ තොරතුරු මේ ලිපිය මගින් දිගහරින්නට අපි අදහස් නොකරමු. මන්දයත් මිනිසුන් වන අපිට උපන්ගෙයිම කුතුහලය ඇත්තේය. ඔබගේ ශාස්ත්‍රීය හා දැනුම පෝෂණයෙහිලා එකී කුතුහලය නම් පෙළබීම් සාධකය “වාරණ විහාරයට පැමිණි විටෙක” භාවිතා කරත්වා යැයි අපි ඔබට ආරාධනා කරමු.
විහාරය මළු තුනකින් යුක්තය. පළමු මළුවට අපි පිවිසියේ ප්‍රදේශවාසියකු වන ඌෂාන්ත ද සමගිනි. ඔහු අපට වරින් වර විහාරස්ථානය ගැනත් අවට ප්‍රදේශය ගැනත් විස්තර සපයන්නට විය. එය අපට විහාරස්ථානයේ හා අවට පෙදෙසෙහි වටිනාකම් ගැන හදුනා ගැනීමට මහගු පිටිවහලක් විය. විහාරස්ථානයේ දකුණු පසින් දිස්වන්නේ මහා ගල් පර්වතයයි. එය ඉඩම් ගලය. ඉඩම් ගල අඩි 100 කට වඩා උසය. අක්කරයකට ආසන්න භූමි භාගයක් පුරා පැතිර පවතී. විහාරය තුන් පැත්තෙන්ම ලෙන්ය. නැගෙනහිරට වන්නට තවත් ගල්තලාවකි. එය දික් ගලයි. සෙල්ලිපිය කොටා ඇත්තේ මෙහිය. බටහිර වූ ලෙන තුල පැරණි සංඝාවාසය කඩා ඉවත් කොට අලුතින් කරවූ කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්ද අනුස්මරණ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය පිහිටා ඇත. උතුරට අඩක් ලෙන තුල පිහිටි විශාල තෙමහල් ධර්ම මන්දිරයයි. ධර්ම මන්දිරයේ මණ්ඩපයට ඉහළින් සදෙව්ලොව පිළිබදව වූ බිතු සිතුවම්වලින් නිමය. ලෙන තුළ කෝට්ටේ යුගයේ කරවූ වෙස්සන්තර කථා පුවත ඇතුළත් පැරණි සිතුවම්ය.
පහත මළුවේ ඉදිරියෙන් දිස්වන්නේ තෙරුවන් මැදුරයි. උඩු මහලෙහි ධාතු මන්දිරයක්, දෙවන මහලෙහි මංගිරි පිරිවෙන් පුස්තකාලයක් සහ කියවීම්ශාලාවක් ඇත.
දකුණු දෙසට තනි ගල් තලාවේ නෙලා ඇති දර්ශනීය පියගැට පෙළින් යුතු විහාර මගය. පඩි පෙළ දිගේ අප පඩි පෙළ 100 යක් පමණ පසුකර ගමන් කරත්ම පසෙකින් කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍ර ස්මාරකය හා පොකුණ දිස්වේ. කුලුණු යටින් මැද මළුවට පිවිසෙත්ම අප ඉදිරියෙන් වූයේ මහා විහාර මන්දිරයයි. කොටස් දෙකකින් යුක්ත මෙහි පළමු කොටසේ දහඅට රියන් වූ බුද්ධ ප්‍රතිමාවහන්සේ වැඩ සිටියි. එම කුටියේම වළගම්බා රජුගේ සිතුවමත් බිත්තියේ සිතුවම් කර ඇත. 
දෙවන කොටසේ සූවිසි විවරණ හා සත්සති ප්‍රතිමාද, විෂ්ණු දෙවිවරුද කරවා ඇති අතර උඩුගල් වියන පැරණි සිතුවම් රටාවලින් හැඩ කරනවා ඇත. විහාර මන්දිරයට උතුරින් සතර දේවාලයද එම ගල්ලෙන තුළම කරවා ඇත.
දකුණු දිශාව වන්නට ඇත්තේ ලෙන තුළ පිහිටි පැරණි චෛත්‍ය දක්නට ලැබේ. මෙය මේ විහාරස්ථානයේ පුරා විද්‍යාත්මක වශයෙන් දක්නට ලැබෙන වැදගත් සාධකයක් ලෙස අපේ මාර්ගෝපදේශකයා සදහන් කර සිටියේය. ඔහු සදහන් කළ ආකාරයට අනුව ලෙන්තුල කුඩා දාගැබ් ඉදිකිරිම් බුදුදහම ලක්දිවට පැමිණි මුල් යුගයේ කෙරුණු දෙයකි. එය පසු කාලෙක ඇති වූ චේතියඝරවලට එසේත් නැත්නම් චෛත්‍ය ගෘහයන්ට ආකෘති වූ බව පුරා විද්‍යාඥයින් පවා පිළිගන්නා කාරණයක් බව ඔහු තවදුරටත් සදහන් කර සිටියේය.
පහන්ගෙය අසලින් ඉහළට විහිදී යන පඩි පෙළ උඩුමළුවට මං විවර කරයි. එහිදී අන් පරිසරයන්ගෙන් වෙන්වූ උස් භූමිභාගයකට අවතීර්ණ වන බව අපට වටහාගත හැකි වූයේ ඝන වා රැළි අප ගත සොලවද්දීය. මළුවට පිවිසෙත්ම නැගෙනහිරින් සමනල පව්වත් බටහිර සිතිජයේ නිල මහා සයුරේ රේඛාවක් සටහන් ව ඇත. අවටින් ලොකු කුඩා ගිරි ශිඛරයන් තුරුලිය මතින් දිස්වේ. මළුවේ මැද බෝ සමිදුන් අතු පතර විහිදා පරිසරයටම සිහින් සප්ත ස්වරයක් මුදාහරී. දකුණින් දැඩිමුණ්ඩ දෙව්වරුය. ඉදිරියෙන් දැකුම්කළු මකර තොරණයි.
ඉන් ඉදිරියට ගිය අපට දැකගත හැකි වුයේ හිරු බැස යන බවට සන් කරන අහසේ සිත්තම් වූ රන්වන් මිශ්‍ර වූ වළා පෙළයි. මොහොතක් ඒ දෙස බලා සිටි අපට හැගී ගියේ පරිසරයට බද්ධ වූ මිනිස් ජීවිතයට පරිසරය කෙතරම් නම් සමාධි සුවයක් ගෙන එනවාද යන්නයි. සන්නසේ මීළග සංචාරය පිළිකුත්තුව විහාරය ආශ්‍රිතව ගෙන එන අදිටනින් මෙතෙක් දිගහැරි වාරණ සිරිය මෙතැනින් නිමා කරමු.
සටහන - රාජිත විජේසේකර

අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය

කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප‍්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ.
පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ.
කුරුණෑගල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක පිහිටි මෙම ඉපැරැණි පුදබිම හමුවෙයි.
විහාරයේ ඇති ඉපැරැණි ටැම්පිට විහාරය අදටද ඉතා සුරක්ෂිතව පවතී. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර පවතින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය සංරක්ෂණය කර ඇත.
ඉපැරැණි බුද්ධ ප‍්‍රතිමාව සමග විෂ්ණු සහ කතරගම දෙව්වරුන්ගේ පිළිමවලට අමතරව සපුමල් බණ්ඩාර දෙවියන්ගේ පිළිමය මෙම විහාරගෙයි පිහිටුවා තිබේ. සාමාන්‍යයෙන් කතරගම දෙවිදුන්ට අත් හයක් පිහිටිය ද මෙහි ඇතුළත පිළිමයේ කතරගම දෙවිඳුන්ට අත් දෙකක් පමණක් තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විජය සුන්දරාම විහාරාධිපති අරඹේපොල සීවලි හිමියන් පැවසුවේ දෑතත් සහිත කතරගම දෙවිඳුන්ගේ මෙම පිළිමය ඉතා දුර්ලභ එකක් බවය.
මීට අමතරව මෙම විහාරයේ වැලිවිට අසරණ සරණ සංඟරාජ නාහිමියන්ගේ සිතුවමක්ද පවතී. සංඟරාජ හිමියන්ගේ විස්තර කොපමණ සඳහන් වුවද උන්වහන්සේගේ රූපයක් දැකීමට නොතිබීම මත මෙහි ඇති සංඝරාජ නාහිමියන්ගේ ඉපැරැුණි සිතුවම ඉතා දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ.
සංඝරාජ නාහිමියන් වැඩිවිසු බව සඳහන් වන්නේ විහාරස්ථ අල්ප සංඛ්‍යාවකි. ඒ අනුව මෙම විහාරයේද සංඝරාජ නාහිමියන් වැඩ වසන්නට ඇති බවට මෙම සිතුවම කදිම සාධකයක් වනු ඇත. සංඝරාජ නාහිමියන් මෙම විහාරයෙත්, අවට වූ තවත් විහාරයක වැඩ සිටි බව ඉතිහාසගත තොරතුරුවලින් කියැවේ.
මෙම ප‍්‍රදේශයට අධිපතිව වැඩ වෙසෙන බව විශ්වාස කෙරෙන සපුමල් බණ්ඩාර කුමරුගේ සිතුවමක්ද ටැම්පිට විහාරයේ ඉපැරැුණි සිතුවම් අතර වෙයි. සපුමල් කුමරුගේ සිතුවමක් සහිත වයඹ ප‍්‍රදේශයේ එකම විහාරය මෙය ලෙස ද සැලකේ.
මෙම විහාරයේ අභ්‍යන්තරයේ අගය දැක්වෙන සිතුවම් රැසක් පැවතිය ද ඒවා මේ වන විට බොහෝ දුර්වර්ණ වී පවතී,
මහනුවර යුගයේදී කලින් කලට විනාශ වී ගිය ගොඩනැගෙමින් තිබෙන විහාරයේ සංඝාවාසය ද වසර 150 කටත් වඩා ඉපැරැණිය. විහාර භූමියේ ඇති ඓතිහාසික බෝධීන් වහන්සේද වසර පන්සීයකටත් වඩා ඉපැරැණි බොහෝ හාස්කම් සහිතය.
මෙම බෝධියට බාරහාර වීමෙන් දරුඵල නොමැති කතුන්ට දරුඵල ලබා දෙන බවට අතීතයේ සිටම විශ්වාසයක් පැවතීම හේතුවෙන් පිට පළාත්වල ජනතාවද මෙහි පිහිට පතා විශාල වශයෙන් පැමිණෙන බව සීවලී හිමියෝ පැවසූහ.
මෙම විහාරස්ථානයේ ඉපැරැණි විෂ්ණු දේව ප‍්‍රතිමා දෙකක්ද පිහිටුවා තිබේ. ටැම්පිට විහාරයේද මහනුවර යුගයේ ඉදිකෙරුණු විෂ්ණු දේවප‍්‍රතිමාවත් තිබෙන බැවින් අතීතයේ සිටම මෙම විහාරස්ථානයෙන් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයද ජනතාවට ලැබෙන බවට ජනතාවගේ විශ්වාසයක් පවතී.
අවට හාත්පස දර්ශනීයව පෙනෙන කඳුවැටි කීපයකට මැදිව උස්බිමක පිහිටි විජයසුන්දරාරාම විහාරස්ථානයට අවට පිහිටි තවත් විහාරස්ථාන කීපයක්ද දර්ශනය වේ.
ඉතා උස්බිමක පිහිටා තිබෙන බැවින් මෙම පුදබිමේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව ද සඳහන් වේ. රහතන් වහන්සේලා වැඩ සිටි බවට සාධක සහිත ජලයෙන් පිරුණු ඉපැරැණි ගල්වලවල් ද මෙහි පිහිටා තිබේ. මෙම ගල් වලවල් ප‍්‍රමාණයෙන් කුඩා වුවද ඉතා ගැඹුරින් යුක්ත වේ.
අතීතයේදී මෙම විහාර භූමියේ පිහිටි එක් ස්ථානයක සිට බැලූ විට ඉතා ඈතින් ශ්‍රී පාදය දර්ශනය වූ බව ප‍්‍රදේශයේ වෙසෙන ජනතාව පවසන සුවිශේෂී කරුණකි. අද එවැනි දසුන් නොපෙනුන ද එම ස්ථානයේ සිට බැලූවිට ඉතාම දුරට කඳු වළලූ ගණනාවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම විශේෂත්වය කියා පෑමට එම ස්ථානයේ ඉදිකර තිබෙන ශ්‍රී පාදයේ ආකෘතිය ද සාමාන්‍යයෙන් විහාරස්ථානයක නොදැකිය හැකි සුවිශේෂී දසුනකි. දුර දක්නයකින් නිරීක්ෂණය කළහොත් ගම්පොළ පිහිටි අම්බුළුවාව කන්ද ඉතා හොඳින් මෙම ස්ථානයේ සිට දැක බලාගත හැකි බව විහාරාධිපති සීවලී හිමියන් පැවසූහ.
වත්මන් විහාරාධිපති සීවලී හිමියන්ගේ කැපවීම මත අතීත වස්තුවක් ලෙස සැලකෙන මෙම විහාරය අදට ද ඉතා සුරක්ෂිතව පවතී. කලකට පෙර ගරාවැටී විනාශ වෙමින් තිබු ටැම්පිට විහාරය උන්වහන්සේගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා සංරක්ෂණය කර තිබේ.
මල්වතු විහාරයීය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි මැලේසියාවේ සෙන්තුල් ශ්‍රී ලංකා මහා බෞද්ධ විහාරාධිපති බුටාවත්තේ සරණංකර නායක හිමියන්ගේ දායකත්වයෙන්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද කිරිගරුඩ ප‍්‍රතිමා කීපයෙන් එකක් මෙම ඓතිහාසික විහාරස්ථානයේ වැඩ හිඳුවීම පසුගිිය ජනවාරි මාසයේ දී අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් සිදු කෙරුණි.
සමාජ ඉරියව්වෙන් යුත් කිලෝග‍්‍රෑම් දෙදහසක් බරැුති අඩි හතරක් උසැති මෙම ප‍්‍රතිමාව වයඹ පළාතටම ලැබුණු එකම ප‍්‍රතිමාව වීමද විශේෂ කරුණකි. දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑළ මහතාගේ දායකත්වයෙන් කිරිගරුඩ ප‍්‍රතිමාව ලබා දී තිබේ.
සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න
2012 සැප්තැම්බර් මස 16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
විජයසුන්දරාම විහාරය
නව කිරිගරුඩ බුද්ධ ප‍්‍රතිමාව සහිත විහාර මන්දිරය
විහාරයේ ඇතුළත සිතුවම් හා පිළිම
සංඝරාජ නාහිමියන්ගේ සිතුවම
විහාරාධිපති සීවලි හිමි

රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය

අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප‍්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත.
බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජවහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දේද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියෝය. විහාරස්ථ වර්තමාන දාගැබ ඉදිකිරීමට ප‍්‍රථම කුඩා දාගැබ ඉදිකර ඇත්තේ බුද්ධ වර්ෂ 2327 දී බව ලේඛනගතවී තිබීම විහාරය ආරම්භය ගැන තවත් සාක්ෂියකි.
දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනී.
උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන් වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් මෙහි මුල්ම විහාරාධිපති ධුරය දරමින් විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා ඇත. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජනරාම, යන විහාරාධිපතීන් වහන්සේලා විහාරයේ සංවර්ධන කටයුතුවල නියමුවරු වූහ.
බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයකි. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි.
මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන පැරණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැුණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප‍්‍රබල සංකේතයකි. ඒ වට බෝධිඝරයක්  ඉදි කර ඇත.
එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. බුදු පිළිමය යටින් ප‍්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ.
බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයකි. ආරක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල්වලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡුන දක්නට ලැබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැබකි.  ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදු මැදුර ප‍්‍රතිමා සහ බිතුසිතුවම්වලින් යුක්තය.
බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින්  සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයකි. කන්දේ විහාරය ප‍්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණු විට අනෙකුත් දේවාලවලට භාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් බැතිමත්හු මෙහි එති.
වර්තමාන විහාරාධිපති කළුතර බෙන්තර දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරස්ථ වර්තමාන දියුණුව සැළසී ඇත. වර්තමාන විහාරාංගයන් වන තෙමහල් සංඝාවාස විශ‍්‍රාම ශාලාව, විහාරයට ප‍්‍රවිෂ්ඨ වන මාර්ගය, නව දේවාල පන්තිය, බෝධියේ රන්වැට, දාන ශාලාව සහිත සිව් මහල් සංඝාවාසය ආදියටත් විහාරාධිපතීන් වහන්සේ විහාර සංවර්ධනයට කැපවී ඇති බවට සාක්ෂි වේ. ප‍්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති උන් වහන්සේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාර දියුණුවට දිවා රෑ නොබලා වෙහෙස වෙති. උන් වහන්සේ මග පෙන්වීම යටතේ ඉදිකෙරුණු ධාතු මන්දිරය ශ්‍රී සරණතිස්ස පුස්තකාලය හා කෞතුකාගාරයක් සහිත නව සය මහල් ගොඩනැගිල්ල ද විහාරස්ථානය තව තවත් අංග සම්පූර්ණ කිරීමකි.
අපවත්වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ ආරියවංශ හිමියෝ ද මෙම විහාරස්ථානයේ දියුණුවට සිදුකළ වෙහෙස අපමණය. කන්දේ විහාරස්ථ ක්‍ෂේත‍්‍රරාම මහ පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ද, ජපන් භාෂා මධ්‍යස්ථානයක් ද විහාරය පිළිබඳ වෙබ් අඩවියක් ද ඇත. දායක කාරකාදීන්ගේ සහාය ඇතිව විහාරාධිපති බටුවන්හේනේ නාහිමියන්ද ක්‍ෂේත‍්‍රාරාම පරිවේණාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ද විහාරස්ථ දියුණුව උදෙසා ගෙන යන කාර්ය භාරය සුළු පටු නොවේ.
විහාරස්ථානයට ලබන්නා වූ පුද පඬුරුවලින් අවට ප‍්‍රදේශයන්හි පාසල් සහ විහාරස්ථාන සඳහා මහල් ගොඩනැගිලි ඉදිකර දීමටද විහාරාධිපති හිමිපාණෝ කටයුතු කරති. මේ වන විට එවැනි පරිත්‍යාග රැුසක් සිදු කරදී තිබේ.
සතියේ දින හතේම උදේ සිට රාත‍්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවතුන් බැතිමතුන්ගෙන් පිරී පවතී. විහාරයේ පරිසරය රැුකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමත් මෙහි එන සැදැහැවතුන්ගේ යුතුකමකි.
බෙන්තොට ජේ. ඉඳුරුවගේ
2012 සැප්තැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


107 රියන් එළිමහන් බුදු පිළිමය
දාගැබ
ඉපැරැණි බෝධිය
විහාර ගෙය ඉදිරිපස සුවිසල් තෙමහල් තොරණ
විහාරාධිපති හිමි

පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය

සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්රීබ රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්යාහ පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරැණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරැව පිහිට වු පළමු වන විජයබාහු ( ක්රි .ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.
විහාරයේ ඉපැරණි බව ඊටත් වඩා ඈත අතීතතයට ගිය බව පෙනේ. ක්රිඅ.පු දෙවන සියවසසේදි මහ සමුදුර බිහිසුණු වි ගොඩබිමට ගැලු අවස්ථාවේ දි සක් දෙවි රජු විසින් නිර්මිත දිසා පිළිමයක් තිබු බව පසලොස්වන සියවසට අයත් ගිරා සංදේශයේ සඳහන් වෙයි. විහාර භමියෙහි ටැම් ලිපි 11 වන සියවසට අයත්ය. 11 වන සියවසේ දී ලංකාව සොලි ආධිපත්යනයට යටත් වීම හේතු කොට ගෙන ඇති වු දුර්දශා කාලය සීමාවේදි මෙම විහාරය සංවර්ධනයට ද හානි වු බව පෙනේ. ලංකාව එක් සේසත් කිරීමෙන් අනතුරැව විජයබාහු රජතුමා විසින් තම අවධානය නැවත විහාරය වෙත යොමු කරන ලද යැයි සිතිය හැක.
සාහිත්යෙ සාක්කි අනුව විජයබාහු රජු විසින් ඇති කරන ලද ආගමික පුනරැදය නිසා විහාරයේ ප්රුසිද්ධියට පසුභාගයට අයත් සියවස්වලදි දිගටම පැවති බව පෙනේ. සොලොස් වන සියවසට අයත් ජින චරිතය විජයබාහු රජතුමා විසින් පිළිසකර කළ මෙම විහාරය රාජ වංශයේ ධජයක් ලෙස හඳුන්වයි. සිව්වන පරාක්රතමබාහු රජතුමා ( ක්ර්.ව 1302-1326 ) දවස දෙමහල් ප්රයසාදයකින් විහාරය සමලංකෘත කළ බව සඳහන්ය. තුදුස්වන හා පසළොස්වන සියවස් කාලය තුළ බහුශ්රැතත සග පරපුරක් ඇති වු බව පෙනේ. මොවුන් අතර ගලකුරැමුල මෛත්රීයය,උතුරැමුල රාහුල හා සවැනි පැරකුම් ( ක්රි්.ව 1412 – 1467 ) රජුගේ සංග්රුහයට භාජනය වු මහා කවි තොටගමුවේ ශ්රීය රාහුල යන සඟරැවන් වූහ.
කොළඹ ගාලු මහා මාර්ගයේ පොල් තීරය පසුවත්ම 10 කණුව අසල පිහිටි “සැළලිහිණි” නම පුවරැව අසලින් නැගෙනහිරට හැරී මීටර් 500 ක් පමණ ගිය පසු මනරම් වු වාහල්කඩ තොරණ අභියස “තෙල්වත්ත රජමහා විහාරය” නමින් පුසිද්ධියට පත් “පුරණ තොටගමු රත්පත් රාජමහා විහාරය” අපට හමුවේ. දකුණු පළාතට උරැමකම් කියන රැහුණු රටේ ඵෛතිහාසිකත්වය මැනවින් දනවන මෙම වෙහෙර ගාලු දිස්ත්රිික්කයේ රජ්ගම ආසනයේ හික්කඩුව ප්රාෙදේශිය ලේකම් වසමට, ප්රායදේශිය සභාවට අයත් රහතුන් වැඩ විසු රත්පත් විහාරය වේ. පැරණි කවියක මෙම භුමි ප්ර දේශය පිළිබඳ මෙසේ සඳහන් වේ.
“උතුරෙන් දිවිතුරයි - දකුණෙන් මොලපු මුහුදයි රළ ගඟ සමුදුරයි - මෙකී සළකුණට මාදම්පේ මොදරයි ”
තොටගමු විහාරය අවට ප්ර දේශය අභය භුමියක් බවට ප්රණකාශ කල ඉංග්රීනසි පාලකයෝ ක්රිහ.ව. 1938 දී විහාර කටයුතු සඳහා රැපියල් තිස්දහසක මුදලක් වෙන්කර ඇති බව දැක්වේ. මෙම භුමි භාගය එදා අභය භුමියක් වශයෙන් සැලකු බව අද දක්වා ඇති “තෙල්වත්තේ අභය ස්ථානය වෙඩි තැබීම තහනම්” ය යන ත්රිකවිධ භාෂාවන්ගෙන් සැදුම්ලත් නාම පුවරැවෙන් මනාව පැහැදිලි වේ. එහෙත් අද ඉන් ඉතිරිව ඇත්තේ “මීටියාගොඩ - කිරලගහවෙල” මංසන්ධිය අසල ඇති නාම පුවරැව පමණි.
එදා මෙම විහාරය පවත්වාගෙන යාමට අවට ගම් විශාල ප්රිමාණයක් අත් උදව් දී ඇති අතර ද ඒ නිසාම ඒ ඒ කිර්යයන් සම්බන්ධ කොට එම ගම් වලට නම් පවා සැදුණු අයුරැ ද ජනප්ර්වාදයේ එයි. විජයබා පිරිවෙනේ සිප් සතර හදාරන ලද භික්ෂුන් වහන්සේලා මෙන්ම දෙස් විදෙස් සිසු පරපුරට අවශ්යැ ආහාර පානාදියේ විශේෂ සහල් හා බත් සැපයු ගම ලෙස “බද්දේගම” වශයෙන් ද, අවශ්යු සීනි සැපයු ගම “සීනිගම” වශයෙන්ද, හකුරැ සැපයු ගම “අකුරල ගම” වශයෙන් ද, උදේ සවස ගිලන් පස,බුද්ධ පුජා සඳහා මල් සැපයු ගම “මල්වැන්න හෙවත් වර්තමානයේ මලවැන්න” වශයෙන් ද පෙරහන්කඩ සැපයු ගම “පැරෑළිය” වශයෙන් ද, පහන් පුද පුජා සඳහා තෙල් සැපයු ගම “තෙල්වත්ත” වශයෙන් ද පිරිවෙන් අධ්යාකපනය ලබන ශිෂ්යෙ භික්ෂුන් වහන්සේලාට අවශ්යන සිවුරැ සඳහා කහවත් සකස් කරදීම නිසා ඒ ගම “කහව” වශයෙන් ද, පිරිවෙනට අවු වැසි වලින් ආරක්ෂා වීම සඳහා බට පැළලි සැපයු ගම “බටපොළ” නමින් ද, එදා විදුලි ආලෝක කර ගැනීම සඳහා මී ඉටි සැපයු ගම “මිටියාගොඩ” වශයෙන් ද, භික්ෂුන් වහන්සේලාට අවශ්යය ආගමික වතාවන් හා බණ භාවනා කිරීම සඳහා විහාර ගොඩක් තනා දුන් ගම “විහාරගොඩ හෙවත් වේරගොඩ ” නමින් ද පිරිවෙනට අවශ්ය හුණු සකස් කර ගැනීමට සිප්පි කඩා දුන් ගම “සිප්පි කැඩු ගම හෙවත් සිප්කඩුව නොහෙත් හික්කඩුව” නමින් ද, විහාර කර්මාන්තය බුදු පිළිම සඳහා මැටි සැපයු ගම “මැටිවල ” නමින් ද අලුතින් මැටි ලබා ගැනීම සඳහා වලක් කැනු ගම “අලුත්වල” නමින් ද, පොල් සැපයු ගම “පොල්වත්ත” නමින් ද, දොඩම් සැපයු ගම “දොඩම්දුව,දොඩන්ගොඩ” නමින් ද, පිරිවෙන් හා සම්බන්ධ බමුණන් විසු ගම “බ්රා“හ්මණවත්ත” නම්න් ද හඳුන්වා ඇති බව ඉතිහාසයේ හා ජනප්රොවාදයේ සඳහන් වේ.

බෙම්තොට වනවාස රජමහා විහාරය


බෙම්තොට යාත්‍රාමුල්ල වනවාස රජමහා විහාරස්ථානය යුග කීපයකදීම සුවිශේෂී බෞද්ධ සංස්කෘතික උරුමයක සාධනීය ලකුණු ප්‍රකට කළ විහාරස්ථානයකි.

සැතැපෙන පිළිම වහන්සේ

එදා මෙම වනවාස විහාරස්ථානය, බෝධි මළුව, උඩකොටුව, ගලපාත විහාරය වැනි අද වෙන්වෙන්ව ඇති විහාරස්ථාන සියල්ල එක විහාර සංකීර්ණයකට ඇඳී තිබුණු බවට සාක්‍ෂි තිබේ. ක්‍රි.පූර්ව කාලයේ සිට පැවැත එන එම විහාර සංකීර්ණයේ වනවාස විහාරය මහරහතන් වහන්සේ වැඩ සිටි ආවාසයක් සහිත පුද බිමක් බව කියැවෙයි. බෝධි මළු විහාරයේ අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ තරමටම වටිනාකම් ඇති බෝධීන් වහන්සේ සහ ගලපාත විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේත් වශයෙන් අනුරාධපුර යුගයේ දී මෙන්ම පොළොන්නරු යුග වලදී පවා රාජ සම්මානයෙන් පිළිගෙන තිබූ අෂ්ට මූල (වියපත් අට ගණය) නැමැති ආශ්‍රම සංකීර්ණයක් මෙහි පැවැතී ඇත.

චෛත්‍යය හා විහාර මන්දිරය
රහතුන් වහන්සේලා ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම විහාරස්ථාන උමං මාර්ග වලින් සම්බන්ධ වී තිබුණු බවට සාධක තවමත් ශේෂව පවතියි. මෙම භූමියේ ඇති ඉතා පැරැණි ගල් උළුවස්සක් සහිත උමඟ තුළට පිවිසුණු විට සතර අතට විහිදුණු තවත් උමං මාර්ග හතරක පිවිසුම් දොරටු දැක ගැනීමට ලැබේ.
අද මෙහි විහාරාධිපතිත්වය උසුලන නාහල්ලේ ඉන්දසිරි නායක හිමියන්ගේ අප්‍රතිහත උත්සහයෙන් එම උමඟ මතු කරගෙන තිබේ. මහා කාල වැලි තලාවකින් ඉතිහාසය වැසී ගොස් ඇතුවාසේම මෙම උමං ද අද පස් තට්ටුවලට යටවී නිසි ගමන් මාර්ග නිශ්චය කිරීමට නොහැකිව අඳුරු වී තිබේ. එවන් ගමන් මාර්ග පාදා ගැනීමට හැකිනම් වැලලී ගොස් තිබෙන බෞද්ධ විහාර සංකීර්ණයක් ආලෝකවත් කරන මිනි පහන් මතු කර ගැනීමට හැකිවනු නොඅනුමානයි.
දුටුගැමුණු රජතුමාගේ කාලයේ ලද අනුග්‍රහයෙන් සද්ධාතිස්ස කුමරු සම්බන්ධ වෙමින් මෙම විහාර සංකීර්ණය ගොඩනැඟීමට දායක වූ බව පැවසෙයි. මෙම විහාර සංකීර්ණ පද්ධතිය පසෙකින් තබා බෙම්තොට රජමහා විහාරය පිළිබඳව පමණක් කතා කළ ද මෙහි වන ඓතිහාසික තත්ත්වය මෙන්ම මෑත ඉතිහාසය නියෝජනයද සුවිශේෂතා ප්‍රකට කරන බව පෙනී යයි.

ඉහළ මාලයේ වාහල්කඩ

පෘතුගීසි ඕලන්ද යුගයන්හිදී මෙවන් විහාරස්ථාන විනාශ කර දමා ඇත. සමුද්‍රාසන්නයේ වූ පුදබිම් වෙත ප්‍රබල ලෙස පරසතුරු ආක්‍රමණයන් බලපෑ නිසා එවන් ඛේදනීය ඉරණමකට මෙම ස්ථානය ද නතු වී තිබේ. බෞද්ධාගම පිරිහෙමින් පැවැති වකවානුවක යන්තමින් හෝ එය ආරක්‍ෂා කරගත් ගණින්නාන්සේලාගේ යුගය නියෝජනය කරන බුදුන් වහන්සේගේ රුව සිතුවම් කළ කුඩා ලී පුවරුව විහාර මන්දිරයේ දී අද ද දැක ගැනීමට පුළුවන. පැරැණි ගල් ඔරු ශෛලමය දිය පෙරණයන් ආදී දෑ ඓතිහාසිකත්වය නියෝජනය කරන ශේෂයන් වී ප්‍රබල පසුබිමක් විවරණය කිරීමට උදව් වීමට කුඩා සාධකයන් ලෙස ඉතිරි වී තිබේ.
දඹදෙණි යුගයේ ක්‍රි.ව. 1356 – 1430 වැනි කාලය තිසර පරෙවි, කෝකිල, ගිරා වැනි සංදේශ කාව්‍යයන්හි පැහැදිලි ලෙස මෙම වනවාස විහාරස්ථානය පිළිබඳ කාව්‍ය රචනා වී ඇත. එයද මෙම විහාරස්ථානය ඉතා සුවිශේෂී වූ පින් බිමක් බවට හඳුනා ගැනීමට ඇති ප්‍රබල ලිඛිත සටහන් බවට පත් වී තිබේ.

පැරැණි උමන් දොරටුව
එම සංදේශ කාව්‍යයන් කීපයක් විහාරභූමියේ ඇති පුවරුවක සටහන් කර ඇත. ඉන් පසු මෑත යුගයෙ නියෝජනය වන්නේ වසර 200 ක පමණ කාල පරාසයක ලකුණු සහිතවය. මෙය නැවත විහාරස්ථානයක් ලෙස ප්‍රතිනිර්මාණය වන්නේ එම කාලයේ සිටය.
ඉතා රමණීය උස් බිමෙක සෑදෙන තල කීපයක් මත මෙම අපූර්වත්වයෙන් පිරි විහාරස්ථානය නිර්මාණය වී ඇත. පියගැටපෙළ නැග ගිය පසු වර්තමාන නිර්මාණ කලාවේ සුන්දරත්වයෙන් පිරි වාහල්කඩ හමුවේ. එතැනින් භූමියේ උස්ම තලයේ පරිසර තත්ත්වයන්ට යට උචිත ලෙස චෛත්‍යත් ඊට පසුබිමෙන් විහාර මන්දිරයත් ගොඩනඟා තිබේ. සම්ප්‍රදායික විහාර නිර්මාණශිල්පයත් මෑත යුගයේ ආකෘතිමය ලක්‍ෂණත් එකතු කරමින් මෙම ගොඩනැඟිලි ඉදි වී ඇත. විහාර මන්දිරය තුළ වන පසුබිම ද සිත් සතන් ආකර්ශනයට පත් කරවයි.

පැරැණි ශෛලමය දිය පෙරණය

ලංකාවේ සිටි කීර්තිමත් මූර්ති ශිල්පියකු වූ එම් සාර්ලිස් මාස්ටර්ගේ අතින් විහාර ගෘහයේ ඇතුළත බෞද්ධ පසුබිම සැකසී තිබේ. මෙම කලාකරුවාගේ පිළිම කලාවේ අන්‍යතා ලකුණු එහි ප්‍රතිමා මතින් දර්ශනය වෙයි. වනවාස නිකායට අයත් භික්‍ෂු පරම්පරාව පිළිබඳව විමර්ශනය කිරීමේ දී ඉතා ප්‍රබල විශේෂතා කීපයක් හඳුනා ගැනීමට හැකි ය.
මෙම විහාරස්ථානයේ වැඩ සිටි යාත්‍රාමුල්ලේ ධම්මාරාම නායක හිමියන් මහා පඬිරුවනකි. පාලි භාෂාව මැනවින් හදාරා මුළු ත්‍රිපිටකයම ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කර යුරෝපයට බුදු දහම හඳුන්වා දුන් රීස් ඩේවිස් පඬිතුමා පාලි භාෂාව සහ බුදුදහම පිළිබඳව හැදෑරුවේ ධම්මාරාම නා හිමියන්ගේ සෙවණේ ය. එසේ යුරෝපයට බුදු දහම රැගෙන යාමට මූලික වූ ස්ථානය වශයෙන් ද මෙම වනවාස රජ මහා විහාරය ඉතිහාසයට එක් වෙයි.
එසේම කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාව ඇති කිරීමට මූලික වූ බෙම්තොට අත්ථදස්සී මහ නාහිමියන් ද මෙම වනවාසී විහාරයේ අධිපතීත්වය දැරූ භික්‍ෂූන් වහන්සේ නමකි. බුදුදහමට විරුද්ධව නැඟී ආ මතවාදයන්ට එරෙහිව මහා ධර්මාවබෝධයකින්, තාර්කික ඥාණයකින් එම පුහු මත බිඳ හෙළිමට ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයේ නියැලෙමින්, පානදුරාවාදයේ දී ශාස්ත්‍රීය පක්‍ෂයේ දැනුම් සම්භාරය බෙදා දෙමින් ශාසනික සේවයට කැප වූ උන්වහන්සේ මෙහි සංඝ පරම්පරාව නියෝජනය කළ තවත් පඬිරුවනකි. ශ්‍රී රාමඤ්ඤ නිකායේ පුරෝගාමියා වූ අඹගහවත්තේ ඉන්ද්‍රසභවරඥාණ මහා නාහිමියන් උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් මෙම විහාරස්ථානයේ වැඩ වසා ඇත.

විහාරාධිපති නාහල්ලේ ඉන්දසිරි හිමි
මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන විශ්‍රාමික විදුහල්පති නාහල්ලේ ඉන්දසිරි නායක හිමියන් එම සඟ පරපුර නියෝජනය කරමින් ශාසනික සමාජ ශාස්ත්‍රීය මෙහෙවර ඉදිරියට රැගෙන යමින් විහාරස්ථානයේ ප්‍රගතියට අප්‍රතිහත දිරියෙන් නිහඬව එහෙත් පුළුල් ශාසනික කාර්යක නියැලී සිටියි. උන්වහන්සේගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති සද්දන්ගොඩ රාහුල හිමි ද පෙර පඬිවරුන් ගිය මග යමින් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් කැපවී සිටියි. ‘බෙම්තොට වනවාස ධර්ම දේශනා මාලාව‘ ග්‍රන්ථ පෙළ උන්වහන්සේගේ සම්පාදනයකි. ජනපි‍්‍රය රැල්ලේ කරලියේ චරිත නොවුණ ද මෙවන් තරුණ යතිවරුන් වහන්සේලාගේ සැබෑ ශාසනික සේවය පැසැසුමට ලක්විය යුතු ය.
බෙම්තොට වනවාස රජමහා විහාරය ඓතිහාසික සුවිශේෂී ලකුණු ඉතිරි කළ පුදබිමකි. මෑත ඉතිහාසයේ ප්‍රබල භික්‍ෂු පරම්පරාවකට සෙවන සැලසූ කෙම්බිමකි. අනාගත පරපුර වෙනුවෙන් මෙවන් ආගමික සන්ධිස්තාන සුරක්‍ෂා කළ යුතු වෙමු.


මැදවෙල රජමහා විහාරය


ඓතිහාසික මැදවෙල රජමහා විහාරයෙහි චෛත්‍යය හා ටැම්පිට විහාරගෙය
ලාංකේය ඉතිහාසය මෙන්ම මෙරට බෞද්ධ ඉතිහාසය තුළද වට්ටගාමණී අභය හෙවත් වළගම්බා රජුට හිමි වන්නේ අතිශය සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් වළගම්බා රජු කරවූ බවට ඉතිහාසයේ සඳහන් වෙහෙර විහාරස්ථාන රාශියකි. ඉන් ක්‍රි.පූ. 88 දී කරවූ බව සඳහන් මැදවෙල රජ මහා විහාරය බොහෝ දෙනෙකුගේ පූජනීයත්වයට වන්දනීයත්වයට පාත්‍ර වන ඓතිහාසික සිද්ධස්ථානයකි.

මකර තොරණ සහිත ටැම්පිට විහාරගේ දර්ශනයක්
දර්ශනීය කඳු මුදුනේ පිහිටි මෙම විහාරස්ථානය අතිශය දුර්ලභ පූජනීය ස්ථාන කිහිපයකින් සමන්විතය. මෙම විහාරස්ථානයේ විහාර මළුවට පිවිසීමට පෙත්මං දෙකක් තිබේ. විහාර මළුව තුළ ඉපැරැණි ඓතිහාසික ටැම්පිට විහාරගෙය හා අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය දක්නට ලැබේ. විහාරස්ථානයේ අතිශය වැදගත් අංග වන්නේ පුරාණ ටැම්පිට පිළිමගෙය හා ඒ තුළ නිමවා ඇති මකර තොරණ සහිත දේව විමානයද, බුදුපිළිමය හා මහනුවර යුගයේ චිත්‍රයන්ය. එමෙන්ම පහළ තැන්නක ඇති සංඝාවාස ගොඩනැගිලි, ඉපැරැණි දාගැබ හා පැරැණි ක්‍රමයේ පෝය ගෙය මැදවෙල රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වය මැනවින් පෙන්නුම් කරයි.
1755 කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් ගේ තඹ සන්නසෙහි විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික රජු කරවූ බව සඳහන් මෙම විහාරස්ථානය කුරුණෑගල සිවුවන පැරකුම්බා රජු දවස (ක්‍රි.ව. 1326) අලුත්වැඩියා කිරීම ආරම්භ කරනු ලැබීය. එම වකවානුවේ නාගල වනරතන මහා තෙර විසින් කරන ලද ඉල්ලීමකට අනුව දැදිගම ප්‍රාදේශීය රජවරයකු විසින් දෙමහල් විහාරස්ථානයක් මෙහි ඉදිකරවන ලදී.
අනතුරුව තුන්වන වික්‍රමබාහු රජු විසින් මෙම විහාරස්ථානයට ඉඩම් පූජාවක් කැර ඇති අතර 1755 තඹ සන්නසට අනුව සම සතරැස් සැලැසුමකින් සිටුවන ලද මිටි ගල් කුලුණු මත (ටැම් මත) විහාරගෙයක් සාදා ඇත. ඒ අනුව මෙම විහාර ගෙය අදද ඓතිහාසික මැදවෙල ටැම්පිට විහාරය ලෙසින් වන්දනීයත්වයට පාත්‍රව තිබේ.

විහාරස්ථානයේ නව විහාර ගෙය
විහාර ගෙයි උඩුමාලයේ බුදුපිළිම තුනක්ද, වියන් චිත්‍ර හා බිත්තිවල අඳින ලද චිත්‍ර 119 කින්ද සමන්විත වන අතර පහත මාලයේ මකර තොරණක්, ඒ යට වජ්‍රාසනයෙන් වැඩහිදින බුදු පිළිමයක්ද ශක්‍ර, බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර දේව රූපද පිහිටුවා බුද්ධ චරිතයේ කතා හා ජාතක කතා වලින් බිත්ති අලංකාර කැර ඇත.
මෙයට අමතරව 14 වන සියවසට අයත් සඳකඩ පහනක්, ගජසිංහ රූ රැගත් කොරවක් ගල්ද දැනටත් මෙම විහාරස්ථානයේ දැක ගත හැකිය. මැදවෙල තඹ සන්නසට අනුව පෘතුගීසින් විසින් විහාරගෙය විනාශයට පත් කැර ඇති අතර පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ උපදෙස් මත දුනිවිල අධිකාරම් විසින් එය ප්‍රතිසංස්කරණ කරනු ලැබ තිබේ.
විහාරස්ථානය පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් සෙල්ලිපියේ පේළි 16 න් පේළි 8 ක් පමණක් මේ වන විට පැහැදිලිව ඇති අතර අනෙක් පේළි සියල්ල අපැහැදිලි තත්වයේ පවතී.

විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත දෙහිගම චන්දරතන නා හිමි
පැහැදිලිව තිබෙන සෙල්ලිපි වලින් කියවෙන ගම්පොළ යුගයේ තුන්වන වික්‍රමබාහු රජු සමයෙහි මෙම විහාරස්ථාන පරිශ්‍රය ප්‍රදේශයේ ආදායම් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පැවැති බවයි.

ටැම්පිට විහාරයෙහි ඇති සිතුවම්

පවතින තොරතුරු හා පුරාවෘත්ත අනුව මේ වසර වන විට මැදවෙල රජමහා විහාරස්ථානයට වසර දෙදහස් එකසියයක් සපිරේ. ඒ අනුව ගත් කළ මෙරට ඉපැරැණි විහාරස්ථාන අතරට මැදවෙල විහාරස්ථානය එක්ව තිබේ.
සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා උතුම් සංඝ පීතෘවරයකු ලෙස ඉමහත් ශාසනික මෙහෙවරක යෙදෙන මල්වතු පාර්ශ්වයේ හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත දෙහිගම චන්දරතන නාහිමි මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති හිමියන්ය. ප්‍රදේශවාසීන් ගේ සහ දායක සභාවේ සහයෝගයෙන් උන්වහන්සේ මෙම විහාරස්ථානය වත්මනෙහි සුවිශාල දියුණුවකට ලක්කරමින් පවතී.
මැදවෙල ශ්‍රී සුමංගල දහම් පාසල, රජමහා විහාරස්ථ උපාසක සමිතිය, තරුණ බෞද්ධ සමිතිය, ඇතුළු බෞද්ධ සමිති සංවිධාන 15 ක් පමණ විහාරස්ථානයේ කේන්ද්‍ර කැරෙගෙන මේ වන විට පවත්වාගෙන යනු ලබන අතර ඉතා ඈත දුර බැහැර ප්‍රදේශවලින් පවා දෛනිකව මෙම විහාරස්ථාන වන්දනා මාන කැර ගැනීමට මෙන්ම නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙති.
වළගම්බා රජුන් දවස කැර වූ මෙම විහාරස්ථානය තුළින් අදද සැබෑ ශාසනික මෙහෙවරක් ඉටුවෙමින් තිබීම බෞද්ධ ජනයාට ඉමහත් සතුටක් ගෙන දෙනු ලබයි.

සිතුවම් කැර ඇති වෙස්සන්තර ජාතකය
ඉන්දික පොල්කොටුව

මුතියංගන රජමහා විහාරය

ඌව පළා‍තේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ බදුල්ල නගර මධ්‍ය‍යේ පිහිටා ඇත.

කොළඹ - බණ්ඩාර‍වෙල මාර්ග‍යේ ‍හෝ මහනුවර නුවර එළිය මාර්ග‍‍යේ බදුල්ල නගරයට පැමිණ මඩකලපුව මාර්ග‍යේ මද දුරක් ගමන් කල විට මාර්ග‍යෙන් දකුණු පසට වන්නට පිහිටා ඇත.

බදුල්ල ප්‍ර‍‍දේශ‍‍යේ පුජනීය ස්ථාන අතුරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ‍මෙම ස්ථානය ‍‍සොළොස්මස්ථාන අතරින් එකකි. ජනප්‍රවාද‍‍යේ සඳහන් වන්‍‍නේ මුතු බවට පත් වු බුදුන්‍‍‍‍ගේ දා බිදු ‍‍හෙවත් මුත්තක ධාතූන් ‍‍‍මෙහි තැන්පත් කළ බවයි. බුද්ධෝ‍‍ඝෝෂ හිමියන්‍‍‍ගේ  සමන්තපාසාදිකා අටුවාවට අනුව බුද්ධත්ව‍යෙන් අටවන මස ‍වෙසක් ‍‍පො‍‍හෝ දින ලංකාවට වැඩි ‍‍තෙවන ගම‍නේ දී බුදුරදුන් ‍මෙම ස්ථානයට වැඩම කළ බවයි. මජ්ජිම නිකායට අයත් අටුවාවක මලිය‍‍දේව රහතන් වහන‍්සේ විසින් ‍‍මෙම ස්ථාන‍‍‍යේ චරක්ඛ සුත්‍රය ‍දේශනා කළ බව සඳහන් ය. තවත් ජනප්‍රවාදයකට අනුව ‍‍දෙවන පෑතිස් රජු විසින් ‍මෙහි ‍‍දෙතිස්ඵල ‍බෝධියක් රෝපණය ‍‍කොට ‍චෛත්‍ය ද විශාල ‍‍කොට සාදවා ති‍බේ.
විහාර ප්‍ර‍‍‍වේශ‍‍යේ ‍‍‍තොරණ,‍ චෛත්‍යය, විහාර මන්දිරය සහ අෂ්ඨඵල බෝධිඝරය ‍මෙහි සුවිශේෂී ‍අංගයන් වේ. සමාධිගත බුද්ධ රූපයක් මධ්‍ය‍යේ ‍දෙපස ‍‍මොණර රූප 02 කින්ද යුත් ‍මෙහි ඇති මකර ‍‍තොරණ වි‍‍‍ශේෂත්වයක් හිමි කර ගනී. ගල් පුවරු, ගල් කණු සහ වෙස්සන්තර ජාතකය පිළිඹිබු කරන ‍‍පෙතිකඩ සිතුවමක් මෙහි වේ. ‍‍‍පෙරහරින් නමුණුකුල කන්දට මෙම ‍පෙතිකඩ ‍‍ගෙන යාමෙන් වර්ෂාව ඇති වන බව කියයි. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ‍‍ලෙස ප්‍රකාශයට පත් කර ඇති ‍‍මෙම ස්ථානය 1979 පුජා භූමියක් ‍‍ලෙස නම් කර ඇත.

ලෙනගම්පල රජමහා වෙහෙර


සෝලියස් මැන්දිස් සිත්තරාගේ තවත් කාලාගාරයක්
ගම්මානයක මිහිරියාව ලෙනගම්පලවත්තට පිවිසෙද්දී අපූරුවට විඳගත හැකිය. ගොවි ගමක සුවඳ, වෙල්වලට වැදී තණ බුදින ගවයන් මොහොතකට වුව ගමක අසිරිය කියාපායි. මග දෙපසම කුඹුක් ගස් මානයෙන් එහා කෙළවරක් නොපෙනෙන තරමේ වෙල් යායයි. එවන් වූ අසිරිමත් ගමක සිට අපි අද රජමහ වෙහෙරක කතාවෙන් ඔබව හමු වෙමු. මල්වාන නම් ඇසූ සැණින් මතකයට නැගෙන්නේ රඹුටන්ය. නමුත් ඒ හුරු පුරුදු මාතෘකාවෙන් බැහැරව මල්වානේ ලෙනගම්පල රජමහා විහාරයේ තොරතුරු සොයා අපි ඇවිද යමු.
ඓතිහාසික ලෙනගම්පල රජමහා විහාරය පිහිටා ඇත්තේ මල්වාන හන්දියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරිනි. බියගමින් මල්වාන පාරේ පැමිණ එතැනින් මාපිටිගම පාරේ එන විට හමුවන සාරානන්ද මාවතෙන් හැරී මේ විහාරයට ළඟා විය හැකිය.
මල්වාන ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන්වී ඇත. කොස්කොළවත්ත, පිඩදියවත්ත, පාසල්වත්ත, ලෙනගම්පලවත්ත ඉන් කීපයකි. පුරාණ ගල් ලෙනක් විහාරයේ පිහිටි නිසා මේ ප‍්‍රදේශය මල්වානේ ලෙනගම්පලවත්ත නමින් හැඳින්වේ.
ජනප‍්‍රවාදය හා පුරාවෘත්ත කතාවලට අනුව මේ විහාරය එදා වළගම්බා රජු සැඟව සිටි ස්ථානයකි. අනුරාධපුරය සතුරු ආක‍්‍රමණයට පත් වෙද්දී එම ප‍්‍රදේශයෙන් පළා විත් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ආරක්ෂාව සලසාගෙන පසුව සේනා සංවිධානය කොට වළගම්බා රජු යළිත් රජවූ බව කියැවේ. රජු තම ආරක්ෂාව සඳහා රැඳී සිටි බොහෝ ස්ථාන පසුව විහාරාරාම බවට පත් විය. කටාරම් කෙටූ විශාල ගල් ලෙනක් සහිත ලෙනගම්පල රාජමහා විහාරය ද ඒ ඉතිහාස කතාවට නෑකම් කියයි. විශාල ගල් ලෙනට අමතරව තවත් කුඩා ගල් ලෙන් කිහිපයක්ම විහාර බිමේ දැකිය හැකි වේ.
එදා රජ දවසේ ලියැවුණු බව කියන පුරාණ සෙල් ලිපියක් විහාරයේ කලක් පැවැතියත් අද එය දක්නට නැත. ලෙනගම්පල රාජමහා විහාරය අනුරාධපුර යුගයෙන් පසු මහනුවර යුගයට එද්දී ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක හමු වේ. නුවර යුගයට අයත් ඉපැරණි විහාර මන්දිරය ඊට හොඳම සාධකයකි. එහි බිත්තියක ඝනකම අඩි හතරක් තරම් වේ. විහාරයේ පෞඪත්වය පූජනීයත්වය විදහාපාන  අයුරින් මේ විහාර ගෙට ඇතුළු වීමට දැවයෙන් කළ යෝධ දොර උළුවහු දෙකකි. මේ දොර උළුවහු දෙකම නුවර යුගයේ පැරණි ලී කැටයම්වලින් අලංකාරය. ලෙනගම්පල විහාරයේ ලී කැටයම් දෙස බලද්දී සිහියට නැගෙන්නේ ඇම්බැක්කේ ලී කැටයම්ය.
නමුත් විහාර මන්දිරය තුළ නුවර යුගයට අයත් යැයි සිතිය හැකි සිතුවම් හෝ බුදු පිළිම කිසිවක් දැකිය නොහැක. දැනට විහාර මැදුරේ ඇති බුදු පිළිම හා සිතුවම් පසු කාලයේ නිර්මාණය කරන ලද ඒවාය. ඒවා සෝලියස් මැන්දිස් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද බව කියැවේ.
පසු කාලය වන විට නටබුන් බවට තිබූ මහනුවර යුගයේ බුදු පිළිම ඉවත් කර අලූතින් බුදු පිළිම හා සිතුවම් කරවන්නට ඇති බවට සිතිය හැකිය.
සෝලියස් මැන්දිස් චිත‍්‍ර ශිල්පියා ගිරිඋල්ල මැද්දෙපොල රජමහා විහාරයේ චිත‍්‍ර අඳින බව අසා එහි ගිය එදා කැලණිය රජමහා විහාරාධිපති හිමියන් සහ හෙලේනා විජයවර්ධන මැතිනිය ඔහු අජන්තාවට යවා වැඩි දුරටත් චිත‍්‍ර පුහුණු කර ගෙන්වා පසුව කැලණිය නව විහාර මන්දිරයේ සිතුවම් ඇඳීමට පෙර ලෙනගම්පල විහාරයේ සිතුවම් හා මූර්ති කරවූ බව පොල්ලමුරේ සිරි සීවලී හිමියෝ අපට පැවසූහ.
ඒ වන විට මේ විහාරය ද කැලණි රජමහා විහාරයේ භාරකාරත්වයේ පැවතිණි. දැනට විහාර මැදුර තුළ සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවක්, හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක් ද දැකිය හැකිය. ඒ ප‍්‍රතිමාවලට නමස්කාර කරන රහතන් වහන්සේලාගේ සිතුවම් ආදිය පසු තලයේ දැකිය හැකි වේ.
පසුගිය දිනෙක ඔබ හමුවට රජමහා වෙහෙරක කතාවෙන් ගෙන ආ මැද්දෙපොල රජමහා විහාරයෙන් පසු සෝලියස් මැන්දිස් සිත්තරාගෙන් අලංකාර වූ තවත් කලාගාරයක් හැටියට මේ ලෙනගම්පල රජමහා විහාරය හඳුන්වා දිය හැකිය.
විහාර ගෙය ආසන්නයේම පිහිටි පැරණි විෂ්ණු දේවාලය ද විහාර ගෙය තරම්ම පැරණි බව පිළිගැනීමයි.
විහාර බිම අනෙක් බොහෝ අංග මෑත කාලයේ දී එක්වූ ඒවාය. එනමුත් චෛත්‍යය, ගලක නෙළා ඇති සමාධි බුද්ධ ප‍්‍රතිමාව, දේවාල සමූහය, අටවිසි බුදු කුටි, ඝංඨාර කුළුණ විහාරයේ පැරණි බව තව දුරටත් ඉස්මතු කොට දක්වයි.
විහාරයට නුදුරින් ගල් තලාව ආසන්නයේ පිහිටි පැරණි බෝධිය හා සමකාලීන යැයි සිතිය හැකි නුග වෘක්ෂය ද ප‍්‍රදේශවාසීන්ගේ අපමණ පූජා භක්තියට පාත‍්‍ර වන බව පෙනේ.
ඓතිහාසික හා පූජනීය වශයෙන් වැදගත් මල්වාන ලෙනගම්පල රාජමහා විහාරය ලක්වැසි පොදු දනන්ගේ දහම් පිපාසාව නිවන තවත් එක් පින් බිමෙකි. ඉතිහාසය සොයා යන අයට, සිතුවම්, මූර්ති කැටයම් ගවේෂණය කරන කෙනෙකුට මේ සුවිශේෂී කඩඉමකි. මේ පුදබිම දැක බලා ගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා!
සටහන හා ඡායාරූප: අසංක ආටිගල

සෝලියස් මැන්දිස් සිත්තරාගේ බිතු සිතුවම්
චෛත්‍යය
බුද්ධ ප‍්‍රතිමා වහන්සේ
මහනුවර යුගයට අයත් දොරටුව


සෝලියස් මැන්දිස් ශිල්පියා ඇඳි දේව ප‍්‍රතිමාවක්

2011 ඔක්තෝබර් මස 30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය