සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි.






Powered by දහම් විල

මහගම මහානාග රජමහා විහාර

භූමියේ ඉපැරැණි පුරාවස්තු නිදන් හොරුන්ගේ ග්‍රහණයට

සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ඕනෑ
ඓතිහාසික මහගම මහානාග රජමහා විහාර භූමියේ දුර්ලභ ගණයේ පුරාවස්තු රැසක් විනාශ වී යමින් කාලයක් තිස්සේ වනගත වෙමින් පවතී.
වලවේ ගඟ වම් ඉවුර ප්‍රදේශයේ සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ පුදබිම රුහුණු රට රජකම් කළ මහානාග රජ සමයේ ඉදි කරවන ලද බෞද්ධ සිද්ධස්ථානයකි. දැනට මෙම විහාරය වනගත වෙමින් පවතී. සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් පෙන්වා දෙන ලදුව මෙය ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඓතිහාසික ‘ඌරුසිටාවැව‘ ජලාශයට යාබද උස් බිමක පිහිටි මේ සිද්ධස්ථානයේ පැවති මහ දාගැබ නිදන් සොරුන් විසින් බිඳින ලදුව ලඳු කැලෑවෙන් පිරි කඳු ගැටයක් බවට පත්ව තිබේ.
චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිම කළ බුද්ධ ප්‍රතිමා කිහිපයක් නිදන් සොරුන් විසින් කුළුගෙඩි පහර එල්ල කොට කෑලි කෑලි වලට කඩා දමා තිබේ.
පාෂාණමය, මුරගල්, මල් ආසන, ලියවැල් සහිත ගල්කණු රැසක් නිදන් සොරු විසින් කඩා බිඳ කුඩු පට්ටම් කර දමා තිබේ.
පුරාණයේ ඉදිකරන ලද බුදුගෙය ඇතුළු සංඝාවාස හා ධර්මශාලා ගොඩනැගිලිවල නටබුන් බොහොමයක් දක්නට තිබේ. අක්කර අටක් පමණ විශාල පූජා භූමිය පුරා විසිරී ගිය දැවැන්ත ගල්කණු කැලෑවට යට වෙමින් පවතී.
චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිම කරන ලද පේෂාල සහ ගල් කැටයම් සඳකඩ පහන් ඇතුළු දුර්ලභ ගණයේ පුරාවස්තු මෙහි තැනින් තැන විසිරී ඇත.
වරින් වර මේ විහාරයේ ලැගුම් ගෙන සිටින භික්ෂූන් වහන්සේ විසින් අලංකාර ගල් පේෂාල මල් පෝච්චි වශයෙන් යොදා ගෙන තිබේ.
වටිනා ගල් කැටයම් ගල්පඩි ලෙස යොදාගෙන ඇත. දීර්ඝ කාලයක් තිස්සේ නිදන් සොරුන්ගේ ධන නිධානයක් බවට පත්ව ඇති මහගම මහානාග රජමහා විහාරය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය

කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.