දෙවැනිව බුදුරජාණන් වහන්සේ නොසිටින අවස්ථාවක උන්වහන්සේ වෙනුවට පෙනී සිට පුද සත්කාර ලැබීමට සුදුසු යමක් යෝජනා කරන ලෙස ආනන්ද හිමියන් බුදුරදුන්ගෙන් ඉල්ලූ විට උන්වහන්සේ පිළිතුරු දෙමින් වදාරා ඇත්තේ තමන් වහන්සේ ජීවත්ව සිටින විට හෝ පිරිනිවන් පෑමෙන් පසු හෝ මේ සඳහා බෝධි වෘක්ෂය සුදුසු බවයි. ඉන් පසු බුදුන් වහන්සේගේ අනුදැනුම මත ආනන්ද හිමි මොග්ගල්ලාන හිමියන්ගේ අනුග්‍රහයෙන් බුද්ධගයාවේ බෝධි වෘක්ෂයෙන් බීජයක් ලබාගෙන ජේතවන විහාර පරිශ්‍රයෙහි දොරටුව ඉදිරිපස රෝපණය කරනු ලැබුවේ බැතිමතුන්ගේ ඉදිරිපිටදීය. එකෙනෙහිම එයින් පනස් රියන් උස සතර දිශාවට විහිදුණු අතුපතර ඇති බෝධි වෘක්ෂයක් පැන නැංගේ ය. මෙම වෘක්ෂය පූජනීයත්වයට පත්කරන ලෙස අනඳ හිමියන් බුදුන්ට ආයාචනා කළ විට උන්වහන්සේ එම වෘක්ෂයට පිට දී වැඩහිඳිමින් ධ්‍යානයට සමවැදුණු බව සඳහන් වෙයි. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව බැතිමතුන් විසින් පවත්වන ලද ප්‍රථම බෝධි පූජාව වශයෙන් මෙය හැඳින්විය හැකි ය.අපි අපේ බොදු උරැමයන් වන්දනා කරැවන්ගෙන් ශූන්‍ය වී වල්බිහි වන්නට ඉඩ නොදී වන්දනාවේ යෙදෙමු ෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


බෝධි වන්දනාවේ ඉතිහාසය
දෙවැනිව බුදුරජාණන් වහන්සේ නොසිටින අවස්ථාවක උන්වහන්සේ වෙනුවට පෙනී සිට පුද සත්කාර ලැබීමට සුදුසු යමක් යෝජනා කරන ලෙස ආනන්ද හිමියන් බුදුරදුන්ගෙන් ඉල්ලූ විට උන්වහන්සේ පිළිතුරු දෙමින් වදාරා ඇත්තේ තමන් වහන්සේ ජීවත්ව සිටින විට හෝ පිරිනිවන් පෑමෙන් පසු හෝ මේ සඳහා බෝධි වෘක්ෂය සුදුසු බවයි. ඉන් පසු බුදුන් වහන්සේගේ අනුදැනුම මත ආනන්ද හිමි මොග්ගල්ලාන හිමියන්ගේ අනුග්‍රහයෙන් බුද්ධගයාවේ බෝධි වෘක්ෂයෙන් බීජයක් ලබාගෙන ජේතවන විහාර පරිශ්‍රයෙහි දොරටුව ඉදිරිපස රෝපණය කරනු ලැබුවේ බැතිමතුන්ගේ ඉදිරිපිටදීය. එකෙනෙහිම එයින් පනස් රියන් උස සතර දිශාවට විහිදුණු අතුපතර ඇති බෝධි වෘක්ෂයක් පැන නැංගේ ය. මෙම වෘක්ෂය පූජනීයත්වයට පත්කරන ලෙස අනඳ හිමියන් බුදුන්ට ආයාචනා කළ විට උන්වහන්සේ එම වෘක්ෂයට පිට දී වැඩහිඳිමින් ධ්‍යානයට සමවැදුණු බව සඳහන් වෙයි. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව බැතිමතුන් විසින් පවත්වන ලද ප්‍රථම බෝධි පූජාව වශයෙන් මෙය හැඳින්විය හැකි ය.පුරාණ දාගැබ් වරුණ
විහාර ඉදිකිරීම ආරම්භ වූ හැටි...
චුල්ලවග්ග පාලියේ සේනාසනඛන්ධයකට අනුව විහාරයන්හි ආරම්භය මෙසේ සිදුවිය. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට නුදුරු කලන්දක නිවාපයෙහි වැඩවාසය කරන කල භික්ෂුන්ට සෙනසුන් නොපනවන ලද්දේ උන්වහන්සේලා රුක්මුල්හිද, පර්වතයෙහිද, කඳුපාමුලද ගල්ලෙන්හිද, සොහොනෙහිද, වනපෙතෙහිද, එළිමහන් පිදුරු ගොඩෙහිද යන ස්ථානයන්හි වෙසෙති. තවද උන්වහන්සේලා බිමට හෙලූ ඇස් ඇතිව දුටුවන් පහදවන සන්සුන් ඉරියව්වෙන් එම ස්ථානවලින් නික්මෙති.අනුරාධපුර ඉදිවන සඳහිරු සෑය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේපාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පැපිලියාන සුනේත්‍රාමහාදේවි පරිවේණාධිපති
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
පෙර බුදුවරුන්ගේ කාලවලදී ස්ථූප කිරීම් පිළිබඳව දක්නට ලැබේ. බුද්ධ වංශය, චර්යා පිටකය ඊට අදාළ අටුවා ආශ්රයෙන් සොයා ගත හැකිය. ගෞතම බුදුරජාණන් වහන්සේට ස්ථූප කිරීම පිළිබඳව දේශනා කරන ලද අවස්ථා රාශියක් අපට දක්නට ලැබේ. එහිදි බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදීත් ඉදිකළ චෛත්‍යය ගැන අපට අසන්නට ලැබේ. උන්වහන්සේගේ කේශධාතු පළමු කෙස් පිඬ අරගෙන දෙවිවරු සිළුමිණි සෑය කරවන ලදී. උන්වහන්සේ ගේ රජසළු ලබාගෙන සිළුමිණි සෑයද දෙවිවරු විසින් ඉදිකරවන ලදී. එවගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ලබා ගත් කේශධාතු තැන්පත් කර තිරියාය ගිරිහඬු සෑය ඉදිකරනුයේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින්. එවගේම බුදුහාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් වැඳ පුදා ගැනීමට වස්තුවක් නැති තැන උන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යය වන ශ්‍රී මහා බෝධින් වහන්සේගේ (අංකුරයක් ජේතවනාරාමයේදී ආනන්ද බෝධිය රෝපණය කරන ලදී. ඒවගේම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරවූ ස්ථානය” මියුගුණසෑය” ත් චූලෝදර ,මහෝදර සටනේදී ඒ සටනට මුල් වු මැණික් පුටුව තැන්පත් කර නාගදීප චෛත්‍යය කරවන ලදී. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ විවිධ ධාතුන් වහන්සේලා (විශේෂයෙන් පරිභෝග කරන ලද) තැන්පත් කැලණි විහාරයේ චෛත්‍යය ඉදිවේ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඉතා කුඩාවට සමහරවිට පිච්ච පොහොට්ටුවක් තරමට,අබ ඇට තරමට විසිරී ගිය ධාතුන් වහන්සේලාය. ඒ නිසා එම ධාතුන් වහන්සේ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් වැඩ හිඳි . එම ධාතුන් වහන්සේලා තැන්පත් කර ධාතු පූජා පවත්වමින් චෛත්‍යය ඉදිකරවා ඇති බව අපි දනිමු.
බුදුරජාණන් වහන්සේ නමකට පරිනිර්වාණ තුනක් සිදුවේ. ඉන් එකක් නම් ක්ලේශ පරිනිර්වාණයයි. අනික ඛන්ධ පරිනිර්වාණයයි.අනික ධාතු පරිනිර්වාණයයි. ක්ලේශ පරිනිර්වාණය යනු එදා සිද්ධාර්ථ තාපසතුමා වයස අවුරුදු තිස්පහේදී ගයාවේ බෝමැඩදි කෙලෙස් දුරු කිරීමයි. ඊළඟට ඛන්ධ පරිනිර්වාණයයි.උන්වහන්සේ වයස අවුරුදු අසුවේදී මල්ල රජ දරවන්ගේ උපවත්තන සල් උයනේදි උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදු විය. ධාතු පරිනිර්වාණය යනු ශාසන අන්තර්ධානයේදි ධාතුන් වහන්සේලා සියල්ලම ඒකරාශි වී බුදුරජාණන් වහන්සේ හා සමාන රූපයක් මැවී මොහොතක් ධර්මය දේශනා කර නැතිවී යන දවසයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවමානව පවතී. උන්වහන්සේගේ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලාද ජීවමානව වැඩ සිටිති. ඒනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පරිදි ‘තියට්ඨං චෙ නිබ්බුතෙ චාපී සමෙ චිත්තේ සමංඵලං’ බුදුරජාණන් වහන්සේ නමක් සුජීවත්ව වැඩ සිටියත්, පිරිනිවන් පෑවත් බුදුරජණන් වහන්සේ නමක් උදෙසාම කරන පූජාවක් හා සමාන ප්‍රතිඵල ලබාගත හැකිය.අදහස වැදගත් වනු ඇත. “චෙතො පසාදංහේතු” චිත්තප්‍රසාදය තුළින් සත්ථා ගච්ඡන්ති සුග්ගතිං “ සත්තවයාට සුගතිගාමි විය හැකිය. බුදුපියාණන් වහන්සේගේ දේශනයේ, පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” “යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකීද? ඔහු ධර්මය දකී යො ධම්මං පස්සති සො වං පස්සති” යමෙක් ධර්මය දකීද? ගේ මා දකිනු ලැබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් දැකීමට උගන්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය උන්වහන්සේම සඳහන් කරන අන්දමට ශරීරය විනාශ වී ගියත් මේ මගේ ධර්මය තිබෙන තාක්කල් බුදු හාමුදුරුවෝ ධර්මය තුළින් දකිනු ලැබේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ දකින්න ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාත් ඒ වගේම උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය පවතී. ජීවමාන බුදුහාමුදුරුවෝ අපට දක්නට නැතත් ජීවමාන බුදුහාමුදුරුවෝ දකින ක්‍රමය අපට ඉතිරිව පවතින්නේ උන්වහන්සේගේ ධර්මය හා උන්වහන්ස්ගේ ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා නිසා.ස්ථූපයෙන් පිළිබිඹු වන බෞද්ධ සංස්කෘතික ලක්ෂණ
විද්‍යෝදය පිරිවෙන හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා
ගල්ලෙන රජ මහා විහාරස්ථානය
කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය
සර්වඥ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කර ඇති තනි කලුගලෙන් කරන ලද ලොව එකම ස්තූපය හලාවත මාදම්පේ සේනානායකාරාමය. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි. ජය ශ්‍රී මහා බෝ වහන්සේගෙන් ලබාගත් පූජනීය බෝ අංකුරයක් ද 1937 දී රෝපණය කරන ලදී.












