අපි අපේ බොදු උරැමයන් වන්දනා කරැවන්ගෙන් ශූන්‍ය වී වල්බිහි වන්නට ඉඩ නොදී වන්දනාවේ යෙදෙමු ෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...
කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...
පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය
බෙම්තොට වනවාස රජමහා විහාරය
|
මැදවෙල රජමහා විහාරය
මුතියංගන රජමහා විහාරය
ලෙනගම්පල රජමහා වෙහෙර
සටහන හා ඡායාරූප: අසංක ආටිගල
නිකවැරටිය ඓතිහාසික බුදුමුත්තාව රජමහා විහාරය
කිසා ගෝතමීයගේ මුතුහර තැන්පත් කර ඇති චෛත්‍යය |
පැරණි බෝධින් වහන්සේ |
එයින් එක් කථාවක් නම් සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුමාලය ශ්‍රී‍්‍ර ලංකාවට ගෙනවිත් තැන්පත් කොට තැනු වෙහෙර බුදුමුත්තා වෙහෙර නම් වූ බවයි.
මෙම කතාවෙන් ප්‍රකාශිත වන අදහස් තහවුරු කෙරෙන පුවතක් කඩඉම් පොතේ සඳහන්වන බව වත්මන් විහාරාධිපති හා පරිවෙණාධිපති වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති.
එම කඩඉම පොතෙහි අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිට වූ දාගැබට වැඳ පුදා ‘ ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය’ යනුවෙන් සඳහන් වන පාඨය අනුව මෙම ස්ථානයේ ඇති චෛත්‍ය මුතුහර මාලය තැන්පත් කොට ඉදි කළ බවට ප්‍රසිද්ධ වී ඇති කතාව හා බැදේ. කෙසේ හෝ මෙම විහාරස්ථානයට ඓතිහාසික පසුබිමක් තිබේ.
මහනුවර යුගයේ ඉදිකර ඇති සංඝාවාසය |
විහාරාධිපති දොඹගොල්ලේ ධම්මාරාම නා හිමි |
අද මෙම ටැම්පිට විහාර මන්දිරයේ දක්නට ඇත්තේ වියන් සිතුවම් කිහිපයක් පමණි.
මෙම විහාර ස්ථානයේ දක්නට ඇති මහනුවර යුගයේ තිබූ පැරැණි සංඝාවාසය අද පුරා විද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි.
බුදු මුත්තාව රජමහා විහාර ස්ථානයේ ද්‍රවිඩ සහ පල්ලව අක්ෂරවලින් ලියන ලද සෙල්ලිපි තුනක් දක්නට ඇත. ඉන් දෙකක් පැරැණි ටැම්පිට විහාර මන්දිරයේ ගල්කණු දෙකක සටහන් වී තිබේ.
විහාර ස්ථානයේ දසුනක් |
පැරණි ටැම්පිට විහාරය |
බී.ඒ. එන්. එස්. කුමාර
වෙහෙරහේන විහාරය
මේ සඳහා උන්වහන්සේට අදහසක් පහල වූයේ එවකට බෞද්ධ පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ අනගාරික ධර්මපාල තුමන් සමග දෙස් විදෙස්හි ධර්මප්‍රචාරක කටයුතු වල නිරතව සිට්ද්දී ලබන ලද අත්දැකිම් වලිනි ඒ අනුව වර්ෂ 1939 මාර්තු මස 05 වන දින අනගාරික ධර්මපාල තුමාගේ පින්බර සුරතින් මුල්ගල් තබා මෙහි නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදි . සාරිපුත්‍ර නම් ප්‍රතිමා නෙලීමේ සම්ප්‍රදාය අනුව මෙහි පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙන අතර පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වන උම්මග්ග ජාතකයේ එන උමංදාව සිහි ගන්වමින් උමං විහාරය නිර්මාණය තර තිබේ උමං විහාරයේ හා පිළිම වහන්සේගේ ආරක්ෂාවට තනන ලද නවමහල් විහාර මන්දිරයේ පන්සිය පනස් ජාතක කතා චිත්‍රයට නගා තිබේ මෙසේ රේවත නාහිමිපාණන් වහන්සේ විසින් ඉදි කිරිම් කටයුතු කරගෙන ගියහ නමුත් උන්වහන්සේට මෙම නිර්මාණයේ කටයුතු අවසන් කරගැනිමට නෙහැකිවිය පිළිම වහන්සෙගේත් නවමහල් විහර මන්දිරයේත් මහල් දෙකක කටයුතු අවසන් කළ උන්වහ්නසේ 1968 දී තරමක් රොගාතූර විය මෙම නිසා මෙහි කටයුතු අතර මඟ නවතා දමන ලදි මෙසේ රෝගාතූර වූ උන්වහ්සේ 1968 අගොස්තු මස 13 වන දින අපවත් වි වදාලහ.
මහගම මහානාග රජමහා විහාර
භූමියේ ඉපැරැණි පුරාවස්තු නිදන් හොරුන්ගේ ග්‍රහණයට
පොකුණුවිට රජමහ විහාරය
හොරණ නගරයේ සිට හොරණ පානදුර මහා මාර්ගයේ සැතපුම් දෙකක පමණ දුර ප්‍රමාණයක් පසු කළවිට හමුවන පොකුණුවිට මංසන්ධියට සමීපව පිහිටා ඇති පොකුණුවිට රජමහ විහාරය රයිගම් කෝරළයේ පිහිටි සිංහල රාජ සමයට අයත් ඉපැරණි විහාරස්ථානවලින් එකකි.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයේදී ඉදිකළ පොකුණුවිට රජමහා වෙහෙර පොළොන්නරු යුගය දක්වා දිවෙන ඉතිහාසයකට නෑකම් කියයි. විහාර ඉතිහාසයේ සඳහන් වන්නේ මෙකී රජමහා විහාරය කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා විසින් ඉදිකරවා කොණ්ඩඤ්ඤ විහාරය යනුවෙන් නම් කර වෙහෙරවත්තේ කොණ්ඩඤ්ඤ නැමැති භික්ෂූන් වහන්සේට පූජා කළ බවයි.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ යුගයේ කරන ලද ශිලා ලිපියක් ද පැරණි විහාරය අසළ ගල්තලාවෙහි අදත් දකින්නට ඇත. ශිලා ලිපියේ අනුරුවක් කොළඹ ජාතික කෞතුගාරයේ තැන්පත් කර ඇත.දැවැන්ත ගල් පර්වතයක් මත විහාර මන්දිරය ඉදිකර ඇති අතර මෑත භාගයේ ගොඩනගන ලද ගල් විහාරය, පැරණි විහාර මන්දිරයට පහළ භූ®මි භාගයේ දක්නට ලැබේ. පැරණි විහාරයේ ඇති බිතු සිතුවම් නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය පෙන්නුම් කරයි.විහාරගෙයි ඇති ප්‍රතිමාවන් හා බිතු සිතුවම් ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ. විහාර මන්දිරයට ඇතල්වීමට රජ සමයේ ඉදිකර තිබූ මකර තොරණෙහි ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතී. දහනමව වන ශත වර්ෂයේ ඉදිකර ඇති නව විහාරය පොළොන්නරුවේ ගල් විහාරය සිහිපත් කරවයි.පොළොන්නරුව ගල් විහාරයේ ඇති පිරිනිවන් මංචකයට සමානව තනි කලු ගලින් නෙලා ඇති පිළිම වහන්සේ නරඹන, විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත් ජනතාවගේ සිත් සතන් තුළ ඇතිවන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියකි. පිළිම වහන්සේ ආවරණය වන අන්දමින් විසිවන සියවසේදී හේනේගම කරුණාරත්න නොතාරිස් මහතා විසින් අලංකාර පිළිම ගෙයක් ද ඉදිකර ඇති බව පෙනේ.විහාර භූමියෙහි පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ වටා ඉදිකර තිබූ පවුර දැන් කැඩී බිඳී ගොස්ය. විසිවන සියවස දෙවන දශකයේදී පොකුණුවිට විසූ දානපති දොන් පේද්‍රික් අප්පුහාමි මහතා විසින් ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉදිකරවන ලද ජේතවන විහාරය ද විහාර භූමියෙහි දක්නට ඇත.පැරණි චෛත්‍යය අසල ඇති කලුගල් පර්වතය කැනීමෙන් ඉදිකර ඇති ළිඳ හා ගල් පව්වෙන් පහළ බෑවුමේ කලුගල හාරා ඉදිකර ඇති දර්ශනීය පොකුණ නියං සමයකදී පවා නොසිදෙන බැව් ප්‍රදේශවාසීහු පවසති.පහතරට පැරණිම පෝය ගෙය ඇත්තේද පොකුණවිට රජමහා විහාරස්ථානයේ බව කියවේ. පර්වතය මුදුනේ ඉඳිකර තිබූ දාන ශාලාව දැන් පොළොවට සමතලා වී තිබෙනු දැකීම කණගාටුවට කරුණකි.පැරණි විහාර මන්දිරයෙහි ඇති මහනුවර සමයට අයත් කැටයම් හා ප්‍රතිමා මැටියෙන්ම තනා හුණු පිරියම් කළ ඒවා බැව් පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධනය ඇත්ත වශයෙන්ම පොකුණුවිට රජමහා විහාරය කෙරෙහි වඩාත් යොමුවිය යුතුව ඇත.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයේ වෙහෙරවත්තේ කොණ්ඩඤ්ඤ හිමියන්ගෙන් ඇරඹුණු පොකුණුවිට රජමහා විහාර සඟ පරපුර වරකාගොඩ රේවත, වේරගොඩ ඉන්දජෝති, ඔකන්දූවේ ශෝනුත්තර, වීදාගම අත්ථස්සී, කනේවල උපතිස්ස, කරඳන සිරිසුමණ යන යතිවරයන් වහන්සේලාගෙන් ශෝභාමත් වූ අතර වර්තමාන විහාරාධිපති ධූරය දරනු ලබන්නේ නාරගල පුරාණ ගංගාරාමය, පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල වනරතානාභිධාන රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ගොඩගම වනරතන නාහිමියන් විසිනි.රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති වයි. ඤාණසිරි මහතා ප්‍රමුඛ දායක සභාවෙන් ද විහාරස්ථානයේ උන්නතිය සඳහා සිදුවන්නේ ද විශාල මෙහෙයකි. රජමහා විහාරස්ථානයේ සියලුම කාර්යයන් සපුරාලන විහාරස්ථානයේ බාරකාරත්වය දරන වග විමලරතන හිමියන් ද විශේෂයෙන් මෙහිදී සිහිපත් කළ යුතුවෙයි.දයාරත්න කුමාරසිංහ
කළුතර දිසා සමූහ වාර්තාකරු